අමරකීර්ති ඝාතනය විමර්ශනයට SJB ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි!

Date:

පසුගිය මැයි 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර සාමකාමී විරෝධතාවන්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු රට තුළ ඇති වූ කලහකාරී සිදුවීම අතර නිට්ටඹුව ප්‍රදේශයේදී අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස සමඟි ජන බලවේගය ඉල්ලා සිටියි.

අද (10) පාර්ලිමේන්තුවේදී අමරකීර්ති අතුකෝරළ මහතා සම්බන්ධ ශෝක ප්‍රකාශ යෝජනාව විවාදයට ගැනුණු අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතායි ඒ බව සඳහන් කළේ.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කිරීමෙන් එම විමර්ශන කඩිනම් කිරීමට හැකි වනු ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...