අද (10) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
රුහුණ සහ කැළණිය විශ්ව විද්‍යාල තුළ සිදුකරන මර්දනය නවතන ලෙසත්,අසාධාරණ ලෙස ලබාදුන් ශිෂ්‍යභාවය අහෝසි කිරීම් වහා ඉවත් කරන ලෙසත් බලකරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
අමාත්‍යාංශය ඉදිරිපිට යොදා තිබුණු මාර්ග බාධක ඉවත් කරමින් අමාත්‍යාංශයේ ගේට්ටුවටද හානි කරමින් සිසුන් ඇතුල්වීමට උත්සහ කළ අවස්ථාවේදීයි එම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර තිබුණේ.
ASK