ෆේස්බුක් පණිවිඩ යවලා තමයි ගැහුවේ. ඒ නිසා ෆේස්බුක් පාලනය කරන්න ඕනෑ – නිමල් (VIDEO)

Date:

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සිදුවන ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා ශක්තිමත් නීතිමය ප්‍රතිපාදනයක් නිර්මාණය කළයුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

“ෆේස්බුක් එක මාර්ගයෙන් විවිධ පණිවිඩ යවලා, විවිධ තැන්වලට එන්න කියලා මන්ත්‍රීවරුන්ගේ ගෙවල් විනාශ කිරීමට සම්බන්ධ වූ සංවිධානාත්මක බලවේගය ගැන අපි කල්පනා කරන්න ඕනෙ අගමැතිතුමනි, අපි හොයලා බලන්නට ඕනෙ. මොකද මම නම් ඔබතුමාලා දන්නවා ඔය කැබිනට් මණ්ඩලය තුළ ඔය ෆේස්බුක්වලින් කරන මේ අහේනි පිළිබඳව මේ විනාශයන් පිළිබඳව – අපේ හිටපු අගමැතිතුමාත් දන්නවා – මම බොහොම තදින් කතාකරපු එක්කෙනෙක්. මේ ෆේස්බුක්වලින් කෙරෙන මේ වැඩකටයුතු නවතා දැමීම සඳහා යම් ශක්තිමත් වූ නීතිමය ප්‍රතිපාදනයක් හදන්න ඕනෙ කියන කාරණය, එයට දැන් වුණත් අපි ප්‍රමාද නෑ”

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...