ඇමතිලාගේ තෙල් බොන කාර්, ජීප් පාරට ගැනීම තහනම් කළ යුතුයි – ගම්මන්පිල (VIDEO)

Date:

රටේ ඇති ඉන්ධන ප්‍රමාණය කළමනාකරණය කර නොගතහොත් ඉදිරියේදී මුළු රටම අකර්මණ්‍ය වීමට හැකි බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

“අර තෙල් පෝලිමේ දවස් ගණන් ලැගලා ඉන්න ජනතාවට තියෙන කෙටිකාලීන ප්‍රශ්නයට අපි මුලින්ම උත්තරේ දීලා ඉන්න ඕනෙ. මුලින්ම අපි ණයට හරි අවම අවශ්‍යතාවය සපුරා ගන්න මට්ටමකට තෙල් ටික ගන්න ඕනෙ. දෙවැනි එක තමයි තියෙන තෙල් ටික අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න තෙල් පරිභෝජනය අඩුකිරීම. ඉන්දියාවෙන් එන ආධාර භාරගන්න අපේ ඇමතිවරු යන්නේ තෙල් බොන දැවැන්ත කාර්වල, ජීප්වල. එහෙනම් නායකයො ආදර්ශය ලබාදීලා, සරල වාහනවලට යන්න ඕනෙ. මුලින්ම 2000 CCට වැඩි වාහන පාරට දාන එක ආණ්ඩුව නිල වශයෙන් තහනම් කරන්න ඕනෙ. සතියට පැය 40යි නෙ වැඩ කරන්නෙ. 8 x 5 = 40 වෙනුවට 10 x 4 = 40 කරමු. සිකුරාදා දිනය නිවාඩු දිනයක් කරනවා. එතකොට තෙල් වියදම අඩුවෙනවා. පාසැල්වලටත් ඒක කරන්න වෙයි. එක දවසක් පාසැලට එනවා, ඊළඟ දවසේ ඔන්ලයින්. එහෙම කරලා තියෙන තෙල් ටික කළමනාකරණය කරගත්තේ නැත්නම් මුළු රටම නතරවෙන්න ඉඩ තියෙනවා”

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (12) කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!