”කෘතීම බුද්ධිය රජකරන ලොව කැමරාවේ සප්‍ත පාලනයන් සහ රැස්කළ ජායාරූප බිඳක්” හෑගොඩගේ නවතම කෘතිය ජනගත වෙයි! (PHOTOS)

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජායාරූපකරණයේ සන්නාමය, තවත් අතකින් පවසතොත් කැමරාවෙන් කවි කියන ප්‍රවීණ ජායාරූපශිල්පී ලාල් හෑගොඩ මහතාගේ නවතම කෘතිය ජනගත කිරීම අද (13) කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී සිදුවිය.

හෑගොඩ මහතා විසින් රචිත ”කෘතීම බුද්ධිය රජකරන ලොව කැමරාවේ සප්‍ත පාලනයන් සහ රැස්කළ ජායාරූප බිඳක්” කෘතියයි එලෙස ජනගත කෙරුණේ.

උත්සව සභාව මෙහෙයවීම ප්‍රවීණ ගී පද රචක බන්දුල නානායක්කාරවසම් මහතා විසින් සිදුකරන ලද අතර මහාචාර්ය සරත් විජේසූරිය, දෘශ්‍ය කලා විචාරක භූපති නලින් වික්‍රමගේ,ජායාරූප උපදේශක විජය බස්නායක සහ ජනාධිපති මාධ්‍ය උපදේශක අනුරුද්ධ ලොකුහපුආරච්චි යන මහත්වරුන් විසින් අදහස් දැක්වීම් සිදුකරන ලදී.

ජායාරූපකරණය මෙන්ම එහි සාහිත්‍ය බෙදාගත් ප්‍රවීණයෙක් ලෙස ලාල් හෑගොඩ මහතා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් දශක හතරක කාලයක් ඉක්මවා සක්‍රීයව ක්‍රියා කරමින් පසුවෙයි.

1971 දී පැවති ‘ෆ්‍රොයිඩ්ගේ දියණිය’ සිය ප්‍රථම ජායාරූප ප්‍රදර්ශනයේ සිට හෑගොඩ ජායාරූප පාසැල පිහිටුවමින් කැමරාවට පෙම්බැඳි සුවහසක් දනන්ගේ පහස නිවාලමින් හෑගොඩ මහතා තවදුරටත් කැමරාවත් සමඟම ජීවන යාත්‍රාව පැදයාමම විශේෂිතය.

ජායාරූපකරණයේ දේශීය සන්නාමය රැකගන්නා අතරතුරදීම හෑගොඩ මහතා සිය ජාත්‍යන්තර සලකුණ ද තබන්නේ බුන්කා සම්මානය ඇතුළු ජාත්‍යන්තර සම්මාන රැසක්ද අත්පත්කරගනිමිනි.

ඇට,ලේ මස් නහර පුරා විහිදී ගොස් තිබෙන ජායාරූපකරණයේ කුසලතාව මෙන්ම ඔහු කාව්‍ය රචකයෙක්ද වෙයි. 1996 දී ‘මා මිනිසෙක් ඔබ ගංගාක් නිසා’ කාව්‍ය ග්‍රන්ථය හරහා හෑගොඩ මහතා කවියෙක් ලෙසද අභිෂේක ගැන්විණි. එම ග්‍රන්ථය 1996 දී හොඳම කාව්‍ය ග්‍රන්ථය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානයද හිමිකර ගත්තේ හෑගොඩ සාහිත්‍ය පිළිබඳ සමාජය අවදී කරමින්ය. පසළොස්වක සඳ මගේය, කවි සියපත, කෝමළනි, මෙ’කව මෙතැනින් නවතමි ආදි ලෙස ඔහු අඛණ්ඩව කාව්‍යකරණයේද නියැළුන සාහිත රසකාමියෙකි.

ඒ අනුව ලාල් හෑගොඩ යනු කතන්දර ගොඩක හිමිකරුවෙක් බව සඳහන් කළ යුතුමය.

ජායාරූප -අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...