රාවණා හොයපු අපිට රාමා මුණගැසීම …

මතකද ඒ කාලේ අපි රාවණා හෙව්වා? ගොඩක් තාප්පවල රාවණා ඇන්ද? රාවණා ගුහාව හොයන් ගියා? පුරාවිද්‍යා සාධක හෙව්වා? කතිකාවක් නිර්මාණය කළා? බඩගිණි නිසා දැන්නම් මතකත් නැතුව ඇති රාවණා කියල කෙනෙක් අපි හෙව්වා කියලවත්. හැබැයි මතකය අවදිකළොත් මතක් වෙයි අපිට ඕනි උණා විජයට කළින් පැවති ඉතිහාසයක් ට්‍රේස් කරන්න කියල. අපි යක්ඛ පැවැත්මක් නැවත සොයායන්න හීන මැවූව කියල.

ඉතින් අපි රාවණා හොයාන ගියා. ඒ වීර කාව්‍යමය ඉතිහාසය නැවත අපිට ගෙනත් දෙන්න අපි දේශපාලන වැඩ පිළිවෙලක් දියත් කළා. ඒක තමයි සර්ගේ දේශපාලන වැඩ පිළිවෙලේ ‘ස්වදේශික මදය’ (indigenous core) හැටියට තිබ්බේ. ඒ නිසයි ඒක චිත්‍ර වලට ආවේ. අද ඒ වැඩ පිළිවෙලේ නායකයා රනිල්. එයා කියන්නේ ස්වදේශික වැඩ පිළිවෙල හරියන්නේ නැහැ කියල.

දැන් එතන පරතරයක් තියනවා පියවන්න බැරි. මම ඒකට හිනා වෙන්නම නෙවෙයි මේක ලියන්නේ.

මම කියන්නේ අපි දෙවියන් හොයාන යනකොට යක්ෂයා හම්බ වෙන්න පුළුවන් කියල. ඒ කියන්නේ අපි රාවණා හොයාන ගිය ගමනේ කෙළවර ඉඳල තියෙන්නේ රාවණා නෙවෙයි. රාමා.

ඒ ගමනේ කෙළවර අපිට අද කන්න බොන්නත් නැතුව අන්ත අසරණ වෙලා රාමාගේ උදව් මත දිනපතා යැපෙන්න වෙලා තියනවා. ඒ අල්ල පනල්ලේ රාමා ටිකෙන් ටික පරණ පළිය ගන්නවා. තෙල් නැවක් දීලා ඉඩම් කඩම් ටික ලියා ගන්නවා. හැම දේටම බලපෑම් කරනවා. අන්තිමට විදුලිබල මණ්ඩලේ සභාපතිගේ කටින්ම ඒක එලියට පැන්න.

ශ්රෙක් (Shrek) ෆිල්ම් එකේ බලන්න. සුරංගනාවියක් හෙව්වට ඒ සුරංගනාවී අස්සේ ඉන්නවා අවලස්සන ස්ත්‍රියක්. අවලස්සන යක්ෂයෙක් වගේ ඉන්න කෙනා ඇතුලේ ඉන්න පුළුවන් ලස්සන කුමාරයෙක්.

අපි යමක් හොයන කොට මතක තියාගන්න ඕනි ගොඩක් වෙලාවට ඒ හොයන එකේ විරුද්ධ දෙය තමයි හමුවෙන්න නියමිත කියල.

යක්ඛ ඉතිහාසයක විරත්වය සොයාගිය අපිට අන්තිමට මුණගැසුනේ අපේම බෙලහීන බව. මම කියන්නේ මේක හොඳ පාඩමකට ගන්න කියල.

පසු නූතන යුගයක අපේ නොහැකියාව වසං කරගන්න අපිට ශක්තිවන්ත වීරයෙක් පරිකල්පනය කරන්න වෙනවා. හැබැයි ඒ වීරයා අපිව බේරගන්න කවදාවත් එන්නේ නැහැ. ඒ උනාට වෙනත් කෙනෙක් ඇවිල්ලා අපි කොච්චර බෙලහීනද (impotent) කියන එක නම් පෙන්නලා දෙන්න පුළුවන්. ඒ තමයි නූතන රාමා.

ඒ නිසා අවතාර වලට අඬගහන කොට පරිස්සම් වෙන්න…කුම්භාණ්ඩයෝ අවදි වෙන්න පුළුවන්.

  • මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...