ලිට්‍රෝ නව සභාපති වැඩ භාරගනී. ගෑස් සැපයුමේ ඇත්තම තත්වයත් හෙළිකරයි (VIDEO)

Date:

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා අද (15) දිනයේදී එම තනතුරේ වැඩ භාරගත්තේය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ පසුගිය පාලන අධිකාරිය කිසිදු වගකීමකින් තොරව කටයුතු කර ඇති ආකාරයක් පෙන්නුම් කෙරෙන බවත් දැනට මෙරටට පැමිණ ඇති ගෑස් නැව හැර කිසිදු ගෑස් නැවක් ඉදිරියේදී මෙරටට ගෙන ඒමට ඔවුන් සැලසුම් කර නොමැති බවත් ඒ මහතා ඉන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

“මේ නැවේ තියෙන ප්‍රමාණය කියන්නෙ ඉතාම සුළු ප්‍රමාණයක්. මේකෙන් මේ තියෙන විශාල අර්බුදය විසඳන්න බැරිවෙයි කියන එක කණගාටුවෙන් වුණත් ප්‍රකාශ කරන්න ඕනෙ. තව විශේෂ කාරණයක් වෙන්නෙ මේ නැව ආවාට පස්සෙ එකම නැවක්වත් ෂෙඩූල් කරලා නෑ. මං හිතන්නෙ වගකීම් විරහිතභාවයකින් කටයුතු කරපු බවක් මට පේන්නෙ. ගොඩබානකොට සල්ලි දෙන්නම් කියලා නැව් එන්න නියමිත දින වකවානු හරි තීරණය කරගන්න තිබුණා. එහෙම දෙයක්වත් නෑ, හිස්. මහමුහුද විතරයි මට පේන්නේ. මං හිතන්නෙ මගෙ යුතුමක් වගකීමක් කියලා ඇත්ත තත්වය හෙළිදරව් කරන එක. සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා දින 14ක කාලයක් යයි කියලා මේ සාකච්ඡා මට්ටමෙන් අවශ්‍ය කොන්දේසි සම්පූර්ණ කරපු සැපයුම්කරුවාට ලබාදීලා ඒ නැව් මෙහෙට ගේන්න. ඒ දින 14ක කාලය තුළ ඒක ගේනකල් ඒ කට්ටියෙන් පුළුවන්ද කියලා ඊට ඉස්සෙල්ලා ගෑස් නැව් දෙකක් දින කීපයක් තුළ ගෙන්වන්න ඉඩ ප්‍රස්තාව තියෙනවාද කියන එක අපි බලනවා. මේ අමාරුකම දැනගෙනමයි මේක බාරගත්තෙ. ගෑස් අර්බුදය විසඳන්න අවශ්‍ය නායකත්වය ලිට්‍රෝ ගෑස් ආයතනයට දෙන්න මට පුළුවන් කියන විශ්වාසය තියෙනවා”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...