රටේ බෙහෙත් හිඟයක් නෑ. එහෙම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නෙ – ඇමති කෙහෙළිය (VIDEO)

රටේ ඖෂධ හිඟයක් නොමැති බවත් පවතින තත්වය කළමනාකරණය කරගැනීමට හැකි බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

“බෙහෙත් හිඟයක් කියන එක හරිම වැරදියි. එහෙම බෙහෙත් හිඟයක් හෝ දැවැන්ත ප්‍රශ්නයක් නෙවෙයි මේ වෙලාවේ තියෙන්නෙ. මේ වෙලාවේ යම් ප්‍රශ්නයක් තියෙනවා, නමුත් අපට අවශ්‍යතාවය බෙදා හදාගෙන වැඩ කරගන්න පුළුවන්. මේ මාස එකහමාර විතරයි අපට ප්‍රශ්නය තියෙන්නෙ. අගෝස්තු මාසයේ ඉඳන් ඊගාව අවුරුදු එකහමාරටම බෙහෙත් ගන්න මට සල්ලි ලැබිලා තියෙනවා”

කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ ඊයේ (15) දිනයේදී චීනයෙන් පරිත්‍යාග වශයෙන් ලැබුණු ඖෂධ තොගයක් භාරගැනීමේ උත්සව අවස්ථාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...