තෙල් ගන්න පෝලිමේ සිටි තවත් පුද්ගලයෙක් මිය යයි

0
334

ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටි තවත් පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ පානදුර වෑකඩ ප්‍රදේශයේ පිහිටි ඉන්ධන හලකිනි.

මියගොස් තිබෙන්නේ 55 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකි.

මෙම පුද්ගලයා ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිටියදී හදිසි අසනීප තත්වයක් හේතුවෙන් මරණයට පත්ව තිබේ. සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

UN