නොරොච්චෝලෙන් එකක් යළි නවතී – අලුත්වැඩියා කරන්න මාස දෙකක්

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක විදුලි ජනන කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. අදාල ජනන යන්ත්‍රයේ අනිවාර්ය නඩත්තු කටයුත්තක් මේ සඳහා හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

අනිද්දා දිනයේදී මෙම ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කරන අතර අලුත්වැඩියා කටයුතු අවසන්වීමට මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවද වාර්තා වේ.

මේ නිසා ජාතික විදුලිබල පද්ධතියට දෛනිකව මෙගාවොට් 270 ක ධාරිතාවයක් අහිමි වේ. ඒ අනුව දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව තවත් දීර්ඝ කිරීමට සිදුවනු ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...