සිඩ්නිලාගේ ධාවනයෙන් මතක් කළ මරීටා,ජමීලා සහ 80 දශකයේ කාන්තා ධාවන දස්කම්

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 20, කොළඹ LNW:

මෙවර ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා මීටර් 400 ඉසව්ව ගැන බොහෝ දෙනෙක් තබා තිබුණ බලාපොරොත්වෙ තමයි එහි ලෝක වාර්තාව වන නැගෙනහිර ජර්මණිය නියෝජනය කළ මරීටා කෝක් සතු වාර්තාව ඉක්මවා යන්න ඉඩ තිබෙනවා යන්න.ඊට හේතුව වුණේ මීටර් 400 කඩුලු ඉසව්වේ ලෝක වාර්තාව උසුලන සිඩ්නි මැක්ලොග්ලන්,ඩොමිනිකන් රාජ්‍යයේ මාරිලේඩි පෝලිවෝ සහ බහරේනය නියෝජනය කරන සල්වා ඒයිඩ් නසීර් අතර පවතින දක්ෂතාවය සහ තරගකාරීත්වයයි.

ජමීලා


මරීටාගේ වාර්තාවට වසර 40 ක් වන බැවින් එය නොබිදී පවතින සත්‍යය බන් අනතුරුව එම ඉසව්වට සමාන දක්ෂයන් මතු නොවීම කියන කාරණයත් එක අතකින් බලපෑම් ඇති කළා.ඇය 1985 දී තත්පර 47.50 ට එම වාර්තාව තැබුව තරගයේ මුල් ස්ථාන තුන අතරට නොපැමිණිය ද ඒ වන විට ලෝක වාර්තාව හිමි කර ගෙන සිටි ජමීලා ක්‍රැටොච්විලෝවාත් ධාවනයේ යෙදෙනවා.ඇය වාර්තා කර තිබෙන තත්පර 47.99 ක කාලය අදටක් මීටර් 400 ඉසව්ව වෙනුවෙන් වාර්තා වී ඇති හොඳම කාලයන් අතර සිව්වැනි තැන තිබෙනවා.දෙවන සහ තෙවන තැන් හිමි වන්නේ මෙවර ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ දී රන් පදක්කම දිනූ සිඩ්නා සහ රිදී පදක්කම දිනූ මාරිලේඩි වාර්තා කළ කාලයන්ටයි.එසේම එහි ලෝකඩ පදක්කම දිනූ සල්වා වාර්තා කර තිබෙන තත්පර 48.14 නිසා මේ තරගයට පෙර ලෝක වාර්තා බලාපොරොත්තුව ගැන කතා කරන්නට මලල ක්‍රීඩා ලෝකය පෙළඹී තිබුණා.

මරීටා


එහෙත් සල්වා මේ තරගයේදී වාර්තා කරන්නේ තත්පර 48.19 ක කාලයක්.ඇයගේ හොඳම කාලීන් දක්ෂතාවය එය වුණ අතර සිඩ්නි වාර්තා කරන තත්පර 47.78 ක කාලය ඇයගේ හොඳම කාලය පමණක් නෙවී තරගාවලියේ නව වාර්තාවක් බවටත් පත් වෙනවා.මේරිලේඩි ඩොමිනිකන් රාජ‍්‍යය වෙනුවෙන් දිනා ගන්නා රිදී පදක්කම සඳහා වාර්තා කරන තත්පර 47.98 එරට නව මීටර් 400 කාන්තා වාර්තාව වෙනවා පමණක් නොව ලෝකයේ කාන්තා මීටර් 400 ඉසව්ව වෙනුවෙන් වාර්තා කරන ලද හොඳම තෙවන කාලයද ඇයට හිමි වෙනවා.


කාන්තා මීටර් 400 ගැන කතා කරන තත්පරය තුළ මරීටා ගැන ඇයගේ ලෝක වාර්තාවේ නොබිදෙන සුළු බව ගැන වගේම නව ප්‍රවනතාවයන් හමුවේ ඇකි වී තිබෙන අභියෝගය ලෝක වාර්තා බලාපොරොත්තු ගැන කතා කළත් මීටර් 400 කාන්තා ඉසව්ව තත්පර 47 සීමාවට පළමු වරට කැඳවා ආ ක්‍රීඩිකාව ජමීලායි.අදටත් මීටර් 400 ඉසව්වේ ලොව හොඳම සිව්වැනි කාලය හිමි ජමීලා සතු තත්පර 47.99 වාර්තා කරන්නේ 1983 දී යි.එසේම ඇය 1983 දී මීටර් 800 වෙනුවෙන් වාර්තා කරන විනාඩි 1:53.28 අදටත් එම ඉසව්වේ ‍ලෝක වාර්තාව වෙනවා.


එය නොබිඳී පවතින වැඩිම කාලයක් නිරුපද්‍රිතව පවතින මලල ක්‍රීඩා ලෝක වාර්තාවද වෙනවා.ඒ වගේම කාන්තා මීටර් 100 සිට මීටර් 800 දක්වා පවතින ලෝක වාර්තා හතරම 80 දශකයට අයත් ඒවා වන අතර ඒ අතරින් මීටර් 100 සහ 200 ලෝක වාර්තා දෙකම හිමි වන්නේ ෆ්ලොරන්ස් ග්‍රිපිත් ජොයිනර්ට වීමත් විශේෂයෙන් සඳහන් විය යුතු වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සත්‍යයේ බර: නායකයෝ කණ්ණාඩියෙන් මූණ බලනකොට

සත්‍යයේ බර: නායකයෝ කණ්ණාඩියෙන් මූණ බලනකොට

 “BIRDS-X DRAGONFLY“ චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW : ආතර් සී. ක්ලාක් ආයතනයේ...

‘අපට සියල්ල දෙවරක් අහිමි විය’: භූමිකම්පාවෙන් පසු ඇෆ්ගනිස්ථානුවන් නැවතත් ජීවත අරගලයේ….

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නවාබ් ඩින් පාකිස්තානයේ...

පියෙකුගේ වියෝවෙන් හෙළිවන ක්‍රිකට් ලොවේ අඳුරු සෙවණැලි

විශ්‍රාම ගිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් කොළඹ (LNW): 2025 සැප්තැම්බර් 18 වන...