23 න් පහළ තරගයේ අවසානය අද සහ හෙට

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 23, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට බෙහෙවින් වැදගත් තරගාවලියක් වන අවුරුදු 23 න් පහළ ප්‍රමුඛ පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගය අද ආරම්භ වෙනවා.ඒ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ සීසීසී ක්‍රීඩා සමාජය අතරයි.කොළඹ එස්එස්සි ක්‍රීඩා පිටියේදී පැවත්වෙන මෙම තරගය කණ්ඩායම් දෙකේ සමබරතාවය මත තියුණු මුහුණුවරක් ගනු ඇතැයි සිතිය හැකියි.
කොළඹ සීසීසී පිළට මෙහිදී වැදගත් සාධකයක් වනු ඇත්තේ තරගාවලිය පුරාම කැපී පෙණුන දකුණතින් පිට දඟ පන්දු යවන බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ තරින්ද නිර්මාල් ගුරුගේ හමුවේ පෙනී සිටීමයි.තරග අටකදී කඩුලු 51 ක් දවා ගෙන සිටින තරින්ද,කඩුලු 5 බැඟින් ලබා ගත් අවස්ථා හතරක් වාර්තා කර තිබෙනවා.


සීසීසී ක්‍රීඩා සමාජය වෙනුවෙන් පිතිකරණයේදී බලාපොරොත්තු තැබිය හැකි පවන් රත්නායකට ජාතික කණ්ඩායම නියෝජනය නිසා තරගාවලියේ බොහෝ අවස්ථා මඟ හැරී ගියත් අවසාන තරගයේදී ඔහු විශාල බලපෑමක් ඇති කරන්නට ඉඩ තිබෙනවා.එසේම ජාතික තලයේ දී වැඩි අවධානය යොමු නොවුණත් මේ තරගාවලියේදි පිතිකරණයේදි කැපි පෙනෙන බ්ලූම්ෆීල්ඩ් නායකයා මිනෙත් ප්‍රේමරත්න සහ එම කණ්ඩායමේ අසිත වන්නිනායක ද පිතිකරණයේදී වැදගත් මෙහෙවරක් ඉටු කළ හැකි මට්ටමේ පසුවෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණු කානුවකට වටිනාකමක් නොලද තැන කලාවෙන් ලැබෙන වටිනාකම!

සටහන – පුලී නොවැම්බර් 11, කොළඹ (LNW): කිඹුලන් බවට පත්...

“ජනා­ධි­පති මාධ්‍ය සම්මාන -2025″ අද..

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : “ජනා­ධි­පති මාධ්‍ය සම්මාන...

සජිත්ගේ ඉන්දීය සංචාරය ගැන අපි කවුරුවත් දන්නේ නෑ. අපි දැක්කෙත් පත්තරෙන් – හර්ෂ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳ තමන්...