“හේතුවා” නුඹත් ගිහින්…

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23 කොළඹ ,LNW :

මෑත කාලයේදී නවතම අනුභූතියක් ප්‍රස්තුත කොටගත් “ශේෂ” නම් වූ අපූර්වතම සිනමා නිර්මාණයේ ” හේතුවා” නම් වූ බෙරවාදන ශිල්පියාගේ චරිතය නිරූපණය කළ නලින් ප්‍රදීප් උඩවෙල නම් වූ දක්ෂ කලාකරුවා අප අතරින් වියෝවී ඇත.

ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ කලාත්මක නිර්මාණ රැසකට රංගනයෙන් දායක වී ඇති ඔහු ජුලියට්ගේ භූමිකාව , අස්වැසුම, ආසයි මං පියාඹන්න, පරාවර්තන , මධුර චාරිකා , තාරකා මල් ඉන් සමහරක් වේ.

සිනමා රංගනය උදෙසා සරසවි සම්මනයෙන්ද, වේදිකා හා ටෙලිනාට්‍ය රංගනය උදෙසා රාජ්‍ය සම්මාන ද හිමිකර ගැනීමට හැකිවූ මෙම කලාකරුවා පසුගියදා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඉසුරු ගුණතිලක නම් වූ යොවුන් අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු “ශේෂ ” නිර්මාණයේ “හේතුවා”ගේ චරිතය ඔහු බෙහෙවින් ප්‍රිය කල චරිතයක් වූ බව විටෙක පවසා තිබුණි.


ඉතිං මේ තාවකාලික සමුගැනීමක් නොවෙද? අප කලාව පෝෂණය කරන්නට නැවත හමුවෙමු….

එතෙක් ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල කලාකරුවාණනී ඔබට සුබ ගමන් !

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...

රේනර් වෙනුවෙන් දිලිත්ගෙන් ලියුමක් !

හිරු මාධ්‍ය ජාලයට එරෙහිව පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන...

උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ආයෙත් කාලගුණය නපුරු වෙයිද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW : එළැඹෙන දෙසැම්බර් මස...