දේශීය ගුවන් සේවයේ දියුණුව වෙනුවෙන් විපක්ෂ නායක සජිත්ගෙන් යෝජනා රැසක් (VIDEO)

0
150

සටහන – රුවන් නෙළුගොල්ල

රටක් ලෙස අප රටේ ගුවන් ගමන්වල ආරක්ෂාව ඉහළ මට්ටමක පැවතීම සතුටට කරුණක් බවත් Aviation security score අගය අප රටට 92%ක් ඇති බවත් අප රටේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආරක්ෂිත භාවය ගැන අනෙකුත් රටවල් සමග සංසන්දය කරන විට ඉහළ මට්ටමක පැවතියත් රටක් ලෙස ගුවන් සේවයේ ආරක්ෂිත භාවය මීට වඩා වර්ධනය කිරිමට කටයුතු කළ යුතු බවත් දේශීය වශයෙන් ක්‍රියාත්මක ගුවන් ගමන්වල ආරක්ෂාව සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බෙල් 212 හෙලිකොප්ටර් අනතුරක් 2025 මැයි මාසයේත් 2021 වසරේ සෙස්නා අනතුර, පීටී6 පුහුණු අනතුරක් 2020 සහ 2023 සිදු වූ නිසා දේශීය වශයෙන් අනතුරු සිදුවීම් වූ නිසා රජයට යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගුවන් සේවා අධිකාරිය සහ ගුවන් තොටුපොළ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේ දී අදහස් පළ කරමිනි.

අප රටේ හදිසි අවස්ථා ප්‍රතිචාර සහ ආරක්ෂක යටිතල පහසුකම් ක්ෂේත්‍රයෙන් දියුණු වීමට කරුණු ඇති බවත් හදිසියක දී ප්‍රතිචාර දැක්වීමට ප්‍රාදේශිය මට්ටමින් ඒවා පිහිටුවිය යුතු බවත් එම නිසා ඉක්මන් පියවරක් ලෙස හදිසි අවස්ථා ප්‍රතිචාර සහ ආරක්ෂක යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ වැඩිදියුණුවක් අවශ්‍ය බවත් ඊට අමතරව සොයා බැලීම සහ මුදවා ගැනීමේ හැකියාවන් ද ප්‍රවර්ධනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

1974 මාටින් එයාර් අනතුරත් සමග අත්දැකීම් ඇති නිසා මෙවැනි සෙවුම් හෙලිකොප්ටර් ප්‍රාදේශීය මට්ටමින් ඇති කරන ලෙසත් ඊට අමතරව ජීපීඑස් බේස් ක්‍රමයක් ඇති කළ යුතු බවත් යෝජනා කළ විපක්ෂ නායකවරයා තවදුරටත් යෝජනා කළේ ගුවන් ප්‍රවාහනය පාලනය සහ නාවික ප්‍රවණතා වර්ධනය කිරීම සිදු කළ යුතු බවත් යාපනයට එහා ඇති මුහුදු සීමාවේ නැගෙනහිර පළාතේ දකුණු බල ප්‍රදේශයේ මධ්‍යම කදුකරයේ යම් යම් ප්‍රදේශවල භූගෝලීය පරතර ඇති නිසා මේ අඩුපාඩු වළක්වා ගත යුතු බවයි.

තවද වැඩි දියුණු කළ නාවික කරණ පද්ධතියක් තිබිය යුතු බවත් මේ යටිතල පහසුකම් වර්ධනය කිරිම ගුවන් ගමන් ක්ෂේත්‍රය වඩාත් සුරක්ෂිත කිරීමට අතිශය වැදගත් බවත් නඩත්තු සහ තාක්ෂණික සහාය කොළඹ ප්‍රදේශය පමණක් කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක වීම ප්‍රමාණවත් නොවන නිසා උතුරේ චයිනා බේ වැනි ප්‍රදේශවල ද ඇති කළ යුතු බවත් මත්තල ගුවන් තොටුපොළ දියුණු කර ගුවන් නියමුවන් පුහුණු කරන තැනක් ලෙස මෙන්ම සංචාරක කර්මාන්තය වෙනුවෙන් දියුණු කළ හැකි බවත් ඊට අමතරව ගුවන් යානා නඩත්තු කටයුතු සිදු කරන ස්ථානයක් බවට පත් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සන්නිවේදන යටිතල පහසුකම් වැඩි දියුණු කළ යුතු බවත් VHF ආවරණය කදුකර ප්‍රදේශවල සීමාසහිත නිසා චන්ද්‍රිකා පහසුකම් ලබා දිය යුතු බවත් ඩිජිටල් සන්නිවේදන ක්‍රම ද යොදා ගත යුතු බවත් තවද දත්ත සම්බන්ධක පද්ධති ක්‍රියාත්මක කළ යුතු බවත් කාලගුණය නිරික්ෂණය සහ අනාවැකිකරණය වැඩි දියුණු කිරිමට අවශ්‍ය ක්‍රම සකස් කළ යුතු බවත් පුහුණුව සහ මානව සම්පත් බෙදා හැරීම ද අතිශය වැදගත් බවත් දේශීය විශේෂඥ සංවර්ධනය තහවුරු කර කාර්යක්ෂමතාව සදහා තාක්ෂණ ඒ්කාග්‍රතාව තහවුරු කළ යුතු බවත් මාධ්‍යගත ආරක්ෂණ කළමනාකරණ වැඩපිළිවෙළකට ද යොමු විය යුතු බවත් පැවසීය.

අප රටේ ගුවන් ගමන් ක්ෂේත්‍රයේ ආරක්ෂිතභාවය ගැන සතුටු වන බවත් අප රටෙත් පැහැදිලි ගුවන් ගමන් අනතුරු පරීක්ෂා කරන ක්‍රමයක් තිබිය යුතු බවත් නෛතිකව ඇති දේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බවත් මේ ආරක්ෂිත ක්‍රම ඇති කර ගුවන් ගමන් ආරක්ෂණ ක්‍රම තවදුරටත් තහවුරු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.