ලොව දිනන දරු පරපුරක් උදෙසා සජිත්ගේ “සක්වල” දෙවන අදියර ත්‍රිකුණාමලයට (PHOTOS)

Date:

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස “ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, “සක්වල” දෙවෙනි අදියර ඊයේ (04) ආරම්භ විය.

දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක”සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහනෙන් රුපියල් හත්ලක්ෂ පනස්දහසක් (රු.750,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ත්‍රිකුණාමලය නිලාවැලි සම්පල්තිව් දෙමළ මහා විද්‍යාලයට පරිගණක තාක්ෂණික උපකරණ පරිත්‍යාග කිරීම ඊයේ සිදු කෙරිණි.

විපක්ෂ නායකවරයාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සක්වල” වැඩසටහන මෙරට දුෂ්කර පාසල් පද්ධතිය තුළ අධ්‍යාපනය හදාරන දුවාදරුවන්ගේ නවීන තාක්ෂණික දැනුම වර්ධනය කිරීම අරමුණු කොට ගනිමින් නිර්මාණය කොට ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...