හිටපු මන්ත්‍රී අමල් අද අධිකරණයට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW :

ඊයේ (28) දින අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා මහතා පානදුර අධිකරණය වෙත අද ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

පින්වත්ත ප්‍රදේශයේදී ඔහු ඊයේ(28) අත්අඩංගුවට ගනු ලැබුවේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසිනි.

ඒ, නීති විරෝධිව මෝටර් රථයක් එකලස් කර කූඨ ලේඛන භාවිත කර ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. සැකකරු සන්තකයේ තිබී නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කරන ලද ජීප් රථයක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් විසින් පසුගිය දෙසැම්බර් 31 වනදා සොයාගෙන ඇත.

පොලිසිය පැවසුවේ , ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද තවත් වාහන දෙකක් පසුගිය ජනවාරි මස පළමුවනදා සොයාගත් බවයි.

අදාල වාහන තුන නීති විරෝධී ලෙස එකලස් කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී පොලිසිය ආනාවරණ කරගෙන තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඔහුට එරෙහිව නඩු පවරා ඇති බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසුවේ, ඊයේ දිනයේ සිය භාරයට ගත් ජීප් රථය මෝටර් රථ පරික්ෂකවරයා විසින් පරික්ෂා කර ඇති අතර එය ව්‍යාජ ලෙස එකලස් කළ වාහනයක් බවට හා ධාවනයට නුසුදුසු රථයක් බවට වාර්තා කර ඇති බවයි.

ඒ අනුව එම ජීප් රථය සහ සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

පානදුර, පින්වත්ත ප්‍රදේශයේ පදිංචි හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රීවරයෙකු වූ අමල් සිල්වා දෙහිවල-ගල්කිස්ස මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස වර්තමානයේ කටයුතු කරනු ලබන බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...

නින්දක් නැතිව වැඩ කරන ජපානයේ නව අගමැතිනිය අලුයම 3ටත් සාකච්ජා කැඳවයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ නව...

මාලිමාවට බලය හිමි පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැයත්...

පාඩුයි පාඩුයි පාඩුයි – මරික්කාර්ට ඔක්කොම පාඩුයි!

කොළඹ LNW:පසුගිය වසරේ ලාභ ඉපයූ රජයේ සමාගම් මේ වසරේදී...