මාළිමාව වෙනුවෙන් වචන කීපයක් ….

Date:

හඳුන් නාගෙන හෝ අමුතුවෙන් අනාගෙන හෝ නැත.. ඒ ඔහුගේ සමස්ත පරිමාවේම ඓක්‍යය වේ.. ඔහුගේ පමණක් නොව සුළු අඩුවැඩිවීම් සහිතව මුළු බලවේගයේම බුද්ධි පරිමාව හඳුන්ගෙ බුද්ධි පරිමාවට අනුලෝමව පවතී..

මේකට හේතුව සිංහලට පරිවර්තනය කරපු සෝවියට් වෙළුම් හතර පහේ දෘෂ්ටිවාදී අවබෝධයෙන් එපිටට ඔවුන් ගමන් කර නොතිබීමයි. ඔවුන්ට අනුව ඔවුන් කියවා කටපාඩම් කරගත් ස්ටලින්ගෙ වෙළුම් හතර පහ තුල සියළු දැනුම් සම්භාරයන් ඇත..

පොදුවේ ගත්කල වාමාංශිකයෝ යනු කිසිකලෙකත් යාවත්කාලීන වීමට නොහැකි ලෝකයට අන්ධ සහ වඳවීගෙන යන, උද්දච්ඡ බවෙන් ගල්ගැසුනු අන්තරාදායක ජීවී විශේෂයකි..

සමාජ මාධ්‍යයට ඔවුන් සපයන විකට රසාංගවලින් රටට වෙන අමුතු හානියක් නම් නැත.. නමුත් මෙහි ඇති ගැටලුව නම් මහා ආර්ථික අවපාතයක් පවතිද්දී ඔවුන්ගේ තනිමතයට සිදුකෙරෙන ජාත්‍යන්තර ගනුදෙනුවලදී ද රටේ ආර්ථිකය මෙහෙයවීමේ ක්‍රියාවලියේදී ද එලුවත් මුට්ටියත් දෙකම නැති තැනකට රට ඉදිරියේදි වැටේදෝ යන්නෙහිය..

ඇත්තෙන්ම මාළිමාවට තව චිරාත්කාලයක් ගමේ ගොඩේ වෙලේ පැලේ දේශපාලනය කිරීමට වාසනාව තිබින..

එය නැතිකරනු ලැබුවේ ඔවුන්ට බැරිවැඩ පටවා තුනෙන් දෙක ඉක්මවූ බලයකින් ඔවුන් රජ පුටුවේ ඉන්දවනු ලැබූ මේ අං ආපු ජනතාව විසිනි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...