විදුලි බිලේ තීරණය ළඟදීම?

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09 කොළඹ LNW :

2025 වසරේ අවසන් කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇති 6.8% ගාස්තු වැඩි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සිය අවසන් තීන්දුව මෙම මස 14 වනදා ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාවේ ආයතන හා නිවේදන අංශයේ අධ්‍යක්ෂක ජයනාත් හේරත් මහතා පැවසුවේ අදාල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන දිනය ද එදිනට ප්‍රකාශයට පත් කරන බවයි.

මේ අතර විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා ඊයේ (08) කොළඹදී පැවති අවසන් මහජන උපදේශන සැසියට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින්, දේශපාලඥයින් ඇතුලු පාර්ශ්ව රැසක් එක්ව සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...