තෙල් නැව එන දවසක් කියන්න බෑ, පෝලිම්වල ඉන්න එපා – ඇමති කංචන

Date:

ගතවූ සතියේ පැමිණෙන බවට අපේක්ෂාවෙන් සිටි පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් නෞකා තවදුරටත් ප්‍රමාද වන හෙයින් ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

අදාළ ඉන්ධන තොග සඳහා ගෙවීම් කටයුතුවල ප්‍රමාදයක් සිදුව ඇති හෙයින් මෙසේ ඉන්ධන නෞකා පැමිණීම ද ප්‍රමාද වී ඇති අතර එම නෞකා පැමිණෙන දිනයක් තවමත් නිශ්චිතව කිවනොහැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව දැනට පවතින ඉන්ධන තොග පොදු ප්‍රවාහනය, විදුලි ජනනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් භාවිතා කිරීමට සිදුව ඇති බවත්, පවතින සීමිත පෙට්‍රල් සහ ඩීසල් තොග ලබන සතිය තුළ සීමිත පිරවුම්හල් ප්‍රමාණයක් සඳහා බෙදාහැරීමට සිදුවන බවත් පවසන අමාත්‍යවරයා මෙම ප්‍රමාදය සහ දුෂ්කරතා සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් සඳහන් කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...

ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ලයින් කාමර වෙනුවට...

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...