අල්ලස් ගත්ත තවත් රජයේ නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW: අනවසරයෙන් අල්ලාගෙන වගාකටයුතු කරන අක්කර 20ක් පමණ ප්‍රමාණයක් රජයේ ඉඩමකින් අක්කර 12ක් වගා කටයුතු සිදුකිරීම සඳහා අක්කර බදු ගෙවූ බවට කුවිතාන්සියක් ලබා දීමට අවශ්‍ය කටයුතු කිරීම වෙනුවෙන් රු. ලක්ෂ 12ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ වරදට කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කුවිතාන්සිය ලබා දීම වෙනුවෙන් රු. ලක්ෂ 35ක මුදලක් පැමිණිලිකරුගෙන් අදාල නිලධාරියා ඉල්ලා ඇති අතර ඉන් ලක්ෂ 10ක මුදලක් ලබාගැනීම සහ ඉතිරි ලක්ෂ 25ක මුදලෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව ඔහුට එල්ල වී තිබේ.

මහව ප්‍රදේශයේ පුද්ගලයෙක් විසින් එම පැමිණිල්ල සිදුකර ඇති අතර සැකකාර නිලධාරියා දියළුම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවය කර ඇති බවත් ඔහුව තණමල්විල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇතිලිවැව නගරයේ අවන්හලක් තුළදී ඊයේ (16) අත්අඩංගුවට ගැනුණු බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

සැකකරු වැල්ලවාය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...