රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූ ජේෂ්‍යඨ විශ්‍රාමික ප්‍රජාව සිහිපත් කිරීම සදහා වූ 2025, ජාතික විශ්‍රාමික දිනය මෙවර කැළණිය වෙදමුල්ලේ පිහිටි විශ්‍රාමික නිවාඩු නිකේතන පරිශ්‍රයේ දී!

Date:

සටහන – රත්නපාල ගමගේ 
ස්විට්සර්ලන්තය (LNW) :
ජේෂ්‍යඨ විශ්‍රාමික ප්‍රජාව සිහිපත් කිරීම වාර්ශිකව ඔක්තෝබර් 8 දා සිදු කෙරේ.

මෙම උත්සවය රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම්.එම්. අභයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර සෙසු ආරාධිතයින් ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත්, රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන ලේකම් ආලෝක බන්ඩාර, විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂක ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි, විශ්‍රාම වැටුප් අතිරේක අධ්‍යක්‍ෂක ජනරාල් පී. සුජානි පෙත්තාවඩු, ප්‍රධාන මූල්‍ය නිලධාරී ඒ.ඩී.ටී.එන්. අබේසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.


උත්සවයට සහභාගී වූ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම්.එම්. අභයරත්න මහතා කථා කරමින් පසු ගිය අය වැයෙන් ලබා දුන් විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ 2026 වසර සදහා වූ මීලග අය වැයටත් ලබාදීමට කටයුතු කරන බව කීය.

සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් පියවරෙන් පියවර වැඩි කිරීමට කටයුතු කරන බවත්, සියලුම ජේෂ්‍යඨ පුරවැසියන්ට ගෞරවනීය මෙන්ම සැපවත් විශ්‍රාම ජීවිතයක් ගත කිරීමට ඇති අයිතියට රජය හිස නමා ගරු කරන බව පැවසීය.

සවිමත් සුවපත් දිරිමත් දිවියක් යන්න මෙවර විශ්‍රාමික ජාතික දිනයේ තේමාව විය. මෙහිදී කතා කල විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂක ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි මහතා විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ඉතිරිව සිටින සියලුම දෙනාට හැකි ඉක්මනින් ගෙවීමට කටයුතු කරන බව පැවසීය.

රජයේ ඩිජිටල් කරන ක්‍රියාවලිය යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් සැපයෙන සේවාවන් ජංගම දුරකථනය හරහා විශ්‍රාමිකයින් වෙත නුදුරේදීම ලබා දීමට කටයුතු කරන බව ඔහු සදහන් කළේය.

මෙහිදී විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂක ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි මහතා රචනා කල ශාස්ත්‍රපති ලාල් ආනන්ද අබේදීර මහතා සංගීතවත් කල විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා ගායනා කල විශ්‍රාමික උපහාර ගීතය එළි දැක්වීම සිදුවු අතර රස වින්දාත්මක වැඩ සටහනක්ද විශ්‍රාමිකයින් වෙනුවෙන් ඉදිරිපත් කෙරිනි.

ඊට ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් සහභාගී වූ අතර විචිත්‍රවත් සංගීත ඇසුරක් දක්නට ලැබුනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...