බීරම අස්සේ ….

Date:

පොරෝනාව මෑත් කර
කම්මැලිකමේ අහස බලනකොට
උදෑසන
බීරළු අස්සෙන්
පෙනෙන්නට තිබ්බෙ බීරමක්
අද දවස අඳුරු දවසක් බව
කාලගුණෙනුත් කියනවා ඇසුණා

තාවකාලිකව වුවත් අපි සමුගත්තේ
අපේ මුහුණුවල රැඳුණු අන්ධකාරේ
අද දවසටත් වඩා බීරමක්
ඔබට මතකද එය

අපි නිතර මුණ ගැහුණු .
අවන්හල් එලෙසම ප්‍රමෝදයෙන්
ඇවිළෙනවා ඇති
සේවා සපයන්නෝ සමහරවිට
ව්‍යාජ සිනාවෙන් මුව සරසාන
අවුළුපත් බෙදනු ඇති

ඉර හැංගෙන්න පෙර අහස් තලේ
වළාකුළු පෙනුණේ
සිගරැට් දුම් වගේ
බැරි වුණා අපට ඇවිදින්න
පාලු වෙරළත දිගේ

හිතේ බීරමක් එල්ලාගෙන
ඇවිදිනවා තනිව සිහිකරමින් ඔබව මම
වෙරළෙන් ඈත දුරක ඉන්නා

බීරම අස්සේ බලු බිරුම් පවා
ගණනකට නෑ මට
ඔබේ ඇස් කෙවෙණි අග දිලිහුණ
කඳුළ සිහි වෙනවා මට

කාලය ශූන්‍ය වී එකම තැන කැරකෙන්න
අපි පැතූ හැටි සිහිකරමින්
යා නොහැකි වූ වෙරළත
තනිව ඇවිදිනවා මම

~ සඳුන් ප්‍රියංකර විතානගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...