පාස්පෝට් පෝලිම්වලට ධම්මිකගෙන් කඩිනම් විසඳුම් – එක්දින සේවාව රටපුරා ව්‍යාප්ත කරයි

Date:

මෙතෙක් කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පමණක් සීමා වූ, ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ එක්දින සේවය ප්‍රාදේශීය කාර්යාල දක්වා ව්‍යාප්ත කිරීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පියවර ගෙන තිබෙනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

ඒ අනුව ලබන සඳුදා සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාතර, වව්නියාව, මහනුවර යන ප්‍රාදේශීය කාර්යාලවලින් එක්දින සේවාව යටතේ ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.

පවත්නා අර්බුදය හමුවේ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් විදෙස්ගත වීමේ බලාපොරොත්තුවෙන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන අතර මේ හේතුවෙන් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය අසල මෙන්ම ප්‍රාදේශීය කාර්යාල අසලද විශාල පෝලිම් දක්නට ලැබෙනවා. ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ඇතැම්විට දින ගණන් පෝලිමේ සිටීමට සිදුව තිබේ.

මේ අතර රැකියා සඳහා විදෙස්ගත වන පුද්ගලයන් වෙනුවෙන් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය තුළ විශේෂ කවුළුවක් විවෘත කිරීමටද පියවර ගෙන තිබේ. රැකියා සඳහා විදෙස්ගත වීමේ සූදානමින් සිටින පුද්ගලයන්ට සියලු ලිපි ලේඛන ඉදිරිපත් කර අදාල කවුළුවෙන් එක්දින සේවාව යටතේ ගුවන් ගමන් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව ලැබෙන බව ධම්මික‌ පෙරේරා මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...