මේකේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක්වත් නැහැ.මහ අලකලංචි ආණ්ඩුවක් – මෛත්‍රී (VIDEO)

මේ ආණ්ඩුව කුමනාකාරයේ ආණ්ඩුවක්ද යන්න ආණ්ඩුක්‍රම විශේෂඥයෙක්ට හෝ කීමට නොහැකි තත්ත්වයට පත්ව තිබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

ඒ, අද (01) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික ආණ්ඩු හැදීමට ලියුම් එව්වද මෙය නිර්පාක්ෂිකත් නොවන,සර්ව පාක්ෂිකත් නොව,ප්‍රජාතන්ත්‍රවාදීත් නොවන අලකලංචි ආණ්ඩුවක් බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

අද දවස වන විට රටම නැවතී තිබෙන අතර මෙවැනි පසුබිමක ජනතාවගේ ඇස් වසා බොරු ව්‍යවස්ථා ගෙන ඒමට ඉඩ නොදෙන බවද හෙතෙම අවධාරණය කළේය.

එහෙයින් හොර 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...