මේකේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක්වත් නැහැ.මහ අලකලංචි ආණ්ඩුවක් – මෛත්‍රී (VIDEO)

Date:

මේ ආණ්ඩුව කුමනාකාරයේ ආණ්ඩුවක්ද යන්න ආණ්ඩුක්‍රම විශේෂඥයෙක්ට හෝ කීමට නොහැකි තත්ත්වයට පත්ව තිබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

ඒ, අද (01) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික ආණ්ඩු හැදීමට ලියුම් එව්වද මෙය නිර්පාක්ෂිකත් නොවන,සර්ව පාක්ෂිකත් නොව,ප්‍රජාතන්ත්‍රවාදීත් නොවන අලකලංචි ආණ්ඩුවක් බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

අද දවස වන විට රටම නැවතී තිබෙන අතර මෙවැනි පසුබිමක ජනතාවගේ ඇස් වසා බොරු ව්‍යවස්ථා ගෙන ඒමට ඉඩ නොදෙන බවද හෙතෙම අවධාරණය කළේය.

එහෙයින් හොර 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...