සමුගැනීමේ තීරණය වෙනස් කරන්න – මාලිංග භානුකගෙන් ඉල්ලයි

Date:

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට භානුක රාජපක්ෂගෙන් තව බොහෝ දේ ලැබිය යුතු බවත්, බොහෝ දේ ලබාදීමට ඔහුට හැකියාව තිබෙන බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. මේ නිසා ඔහු තවදුරටත් ජාත්‍යන්තර පිටියේ රැඳී සිටිය යුතු බවද ඔහු පවසයි.

මාලිංග ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් භානුකගෙන් ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට ගත් තීරණය වෙනස් කරන ලෙසයි.

ක්‍රීඩකයෙකු ලෙස තම රට නියෝජනය කරමින් දස්කම් දැක්වීම පහසු කාර්යයක් නොවන බව පෙන්වා දෙන මාලිංග පවසන්නේ ඒ වෙනුවෙන් ක්‍රීඩකයන්ට සෑමවිටම අභියෝගවලට මුහුණදීමට සිදුවන බවයි.

භානුක රාජපක්ෂගේ සමුගැනීමේ හදිසි තීරණය මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුළ දැඩි කැළඹීමක් ඇති කිරීමට සමත්ව තිබෙනවා. දේශීය පිටියේ දිගින් දිගටම දක්ෂතා දැක්වූ භානුක රාජපක්ෂට ජාතික තලයේ අවස්ථාව හිමි වීම ප්‍රමාද වූ අතර ඒ සඳහා ඔහුට දශකයකට ආසන්න කාලයක් ලබා සිටීමට සිදුවිය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...

නිදහසේ අද අර්ථය…

මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...