අත්‍යාවශ්‍ය හේතුවක් මත හැර ලංකාවට යන්න එපා – එක්සත් රාජධානිය

Date:

ශ්‍රී ලංකාවේ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය හේතුවක් මත හැර එරටට සංචාරය නොකරන ලෙස එක්සත් රාජධානිය සිය පුරවැසියන්ට උපදෙස් නිකුත් කර තිබේ.

අද දින (05) එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය (FCDO) විසින් නිකුත් කළ සංචාරක උපදෙස් යාවත්කාලීනයට අනුව, ඖෂධ, ආහාර පිසින ගෑස්, ඉන්ධන සහ ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බවත්, ප්‍රවාහනය, ව්‍යාපාර සහ හදිසි සේවා සඳහා බලපාන ඩීසල් සහ පෙට්‍රල් ඇතුළු ඉන්ධන වල විශාල හිඟයක් එරට පවතින බවත් සඳහන් කර තිබේ.

එමෙන්ම, දෛනික විදුලි කප්පාදු කිරීම් ශ්‍රී ලංකාවේ සිදුවන බවත්, මෙකී කරුණු මත විරෝධතා සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා රටතුළ උද්ගතව ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත. ඒ අනුව, අත්‍යාවශ්‍ය කරුණක් මත හැර ශ්‍රී ලංකාවට සංචාරය නොකරන ලෙසයි එක්සත් රාජධානියේ බලධාරීන් එරට පුරවැසියන් ට උපදෙස් ලබා දී තිබෙන්නේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුනාට වරෙන්තු!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට වරෙන්තු නිතුත් කර...

තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22)...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත ඉපැයීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2025 වසර සඳහා ආදායම් ඉලක්කය සැපිරීමට දේශීය...

පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22) ඉසුරුපාය...