තවත් හිටපු ප්‍රබල ඇමතිවරයෙක් මේ සතියේ අත්අඩංගුවට ?

Date:

තවත් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු මේ සතියේදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත් අඩංගුවට ගැනීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

ඔහු අමාත්‍ය ධුරය දැරූ සමයේදී එම අමාත්‍යාංශයේ රක්ෂණයක් පිරිනැමීමට අදාළ දූෂණයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහුව මේ සතියේදී අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇති අතර එහිදී ඔහුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

මෙම හිටපු අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ අයෙකු වන අතර දැනට පාර්ලිමේන්තුවේ නොමැති අයෙකි. මුලින් පොහොට්ටුව නියෝජනය කළ ඔහු පසුව ගෑස් සිලින්ඩරයට එක්වූ අයෙකු බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම...

ICC ශ්‍රී ලංකා සභාපති ලෙස ජොනී ප්‍රනාන්දු පත්වෙයි!

කොළඹ LNW:දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී...

ජපාන කැබිනට් මණ්ඩලය 2026 වර්ෂය සඳහා වාර්තාගත ආරක්ෂක අයවැයක් අනුමත කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: චීනය සමඟ...