සබීතා පායට රනිල් අත්අඩංගුවට ?

Date:

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීමේදී සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි.

ප්‍රවීණ සිනමා නිලි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් මෙම ගොඩනැගිල්ල පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලී පදනම මත ලබාගෙන තිබිණි. එහි මාසික කුලිය රුපියල් මිලියන 21ක් වූ බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙහිදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පසුගිය දිනක අල්ලස් කොමිසම වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව සඳහන්.

මෙම ගොඩනැගිල්ල කුලී පදනම මත ලබාගැනීම සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් බැවින් ඉදිරියේදී ඒ පිළිබඳව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන, ඔහුව අත් අඩංගුවට ගැනෙනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...