තුන් කොන් සටනේ සියළු තරග රාවල්පිණ්ඩි වෙත – තරග ප්‍රමාණය අඩු වෙයි

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW:

පකිස්තානයේ පැවති ආරක්ෂාව සම්බන්ධ ගැටළුව විසදීමෙන් පසුව පකිස්තානය සමඟ එක්දින තරගාවලිය මෙන්ම විස්සයි විස්ස තුන් කොන් තරගාවලිය වෙනුවෙන් දිගටම කටයුතු කරන ශ්‍රී ලංකා කණ්ඩායම සහ සහය සේවක මණ්ඩලයට ආරක්ෂක පියවරක් ලෙස සියළුම තරග රාවල්පිණ්ඩි හී පමණක් පැවත්වීමට පකිස්තානය තීරණය කර ඇත.


එමෙන්ම තුන්කොන් තරගාවලියේදී එක් කණ්ඩායමක් දෙවරක් අනෙක් කණ්ඩායමක් හමුවන ආකාරයට තරග හතක් තුන්කොන් විස්සයි විස්ස තරගාවලියට ඇතුළත් වුව ද එම තත්ත්වය ද වෙනස් කර ඇත.මූලික වටයේදී දැන් එක කණ්ඩායමක් විසින් අනෙක් කණ්ඩායම හමුවන්නේ එක් වරක් පමණක් වන අතර ඒ අනුව විස්සයි විස්ස තරගාවලියට අවසාන තරගයත් සමඟම අයත් වන්නේ තරග පහක් පමණි.
පකිස්තානය සමඟ පැවත්වෙන එක්දින තරගාවලියේ ඉදිරි තරග දෙක නොවැම්බර් 14 සහ 16 යන දෙදින තුළ තීරණය වී තිබූ ආකාරයටම රාවල්පිණ්ඩි හී දී ම පැවත්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...