නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW:
වැරදි තොරතුරු මත සහ වැරදි උපදෙස් මත වැඩ කරන බැවින් ක්‍රීඩා අමාත්‍යතුමාගේ හොඳ වැඩ පිටුපස ද නිවැරදි තොරතුරු නැති හානිකර තත්ත්වයන් දැකිය හැකිය.එහෙත් එතුමා කියන කරන ඇලපිල්ලක් පාපිල්ලක් නැතුව පිළිගන්නා භක්තිවන්තයන් සේ සියල්ල ඇගයීම නොකරන පිරිස් ඔහුට අනුව මෝඩයන් හෝ බොරු සමාජගත කරන්නන්,ආණ්ඩුවට වෛර කරන්නන් වීම සාමාන්‍ය තත්ත්වයය.
දැන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ඉතිහාසයේ පළමු වරට යැයි Lanka Ride 2025 නමින් පාපැදි තරගාවලියක් සංවිධානය කරමින් මෙවැනි තරගයක් පවත්වන පළමුවර බව ප්‍රචාරය කරයි.එය වැරදි පුවතක් වන අතර Tour de Sri Lanka Youth නමින් තරුණ තටයුතු අමාත්‍යංශය මූලික වී පාපැදි තරගයක් සංවිධානය කළේ 2011 වසරේදී ය.මඩකළපුවෙන් ආරම්භ වී පළමු අදියර සියඹලාආණ්ඩුවටත්,දෙවන අදියර එහි සිට තිස්ස දක්වාත්,තෙවන අදියර තිස්ස සිට මාතර දක්වාත් පැමිණි එම තරගයේ ජයග්‍රාහකයා වූයේ ලක්ෂමන් විජේරත්නය.යුද හමුදාව නියෝජනය කරමින් තරග වැදි ඔහු මාතරින් තනිව තරගය නිමා කළේ තරග නිමාවට කිලෝ මීටරයකට පමණ පෙර නරඹන්නෙක්ගේ අත් වරදක් හේතුවෙන් පාපැදි සූරයන් පොකුරම එකට ඇඳ වැටීම නිසාය.

එසේම මේ තරගයට පළමු වරට තරග බිමට පිවිස තෙවැන්නා වූ කතරගම ප්‍රදේශයේ සමීර චතුරංග ගැන ද විශාල කතාබහක් මාධ්‍ය තුළ ඇති විය.චතුරංගගේ අවසාන අදියරට සහභාගි වීම සඳහා අළුයමින් නිවසින් පිටත් වූ ඔහුගේ තාත්තා වල් අලි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් සිටියදී ඔහු තරගයට මුහුණ දෙමින් තෙවන ස්ථානය දිනා ගැනීම ඒ විශාල අවධානයට හේතුව විය.
මේවා සිඳුවන්නේ ක්‍රීඩාවට ආගන්තුකයෙකු වන ක්‍රීඩා අමාත්‍යවරයා පිනවීම සඳහා ප්රශස්ති ගයන පිරිස් නිසාය.ඇමතිවරයා සතුටින් තැබීම,ඔහුගේ සතුටින් පෞද්ගලික ප්‍රයෝජන ලැබීම වැනි කාරණා පදනම් කරගෙන බැලුම් පුම්බන්නා සේ මිනිසුන් පිම්බවිමේ කලාව දන්නා පිරිස් ඇමතිවරයාට දෙන තොරතුරු සියයට දාහක් ඇත්ත සේ ඔහු පිළිගැනීම නිසා කරුණු දන්නා පිරිස් අතර මෙවැනි දේ හාස්‍යයට ලක්වීම නොනැවතී සිඳුවීම සාමාන්‍ය තත්ත්වයක්ය.එහෙත් මරු ස්ර්,මරු ඇමතිතුමා,වැනි කාරණා මිස ඉතිහාසය වෙනස් කරන මෙවැනි කාරණා පෙන්වා නොදී ඒකත්පස්ව සිටීම සාමාන්‍ය තත්ත්වය නිසා ඇමතිවරයා සතුටින්ය.

ඒ වන විටත් වත්මන් සභාපතිවරයා පාපැදියෙන් ඉවත් කර සිටියාද නොදන්නා අතර ඒ නිසා තම කණ්ඩායම පාපැදියේ නොමැතිව සිට මෑත ඉතිහාසයේ සිඳු වූ කිසිවක් සිඳු නොවුණ සේ සළකන්නට අමාත්‍යවරයාට වැරදි තොරතුරු දුන්නා ද යන්න ද අපි නොදන්නෙමු.එහෙත් ඇත්ත තත්ත්වය තුළ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව සතුව සිටින හොඳම පාපැදි විනිසුරුවරයා වන කේ.කරුණාරත්න නොදැන වැරදි තොරතුරක් කිවහොත් මිස දැනගෙනනම් වැරදි තොරතුරක් කියනු ඇතැයි අපි විශ්වාස නොකරන්නෙමු.
එසේම වර්ථමානයේ කරන “Lanka Ride 2025″සවාරිය පළමුවන සංවිධානය නොවන අතර මෙහිදී සම්බන්ධ වන ලේක් හවුස් ආයතනයට ද මෙය සංවිධානය කරන පළමු පාපැදි සවාරිය නොවන්නේය.ලේක් හවුස් ලාංකේය පාපැදියේ පුරාවෘත්තයක් වන ලංකා සවාරිය සංවිධානයේ මුල් තැන සහ නිර්මාණය කිරීමේ ප්‍රධානත්වය දැරූ ආයතනය වන අතර සියල්ල අලුත් කිරීමට ප්‍රථම ලංකාවේ පාපැදි සංස්කෘතියේ සුවිශාලම පිළිගැනීම වන ලංකා සවාරිය නමින් පාපැදි සූරතාවලියක් පැවත්වීම නැවතී තිබීම ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත්ව හෝ ඇරඹිය යුතුය.එවැනි මකා දැමිය නොහැකි ඉතිහාසයක් ඇති පාපැදි සවාරියක් වෙනුවට ආණ්ඩුව කරන අලුත්ම වැඩක ලෙස පෙන්වමින් Lanka Ride 2025 නමින් සවාරියකට යාමට අමාත්‍යංශය සහ අමාත්‍යවරයා පෙළඹවීම පාපැදි ඉතිහාසයේ කීර්තිමත්ම පාපැදි සවාරිය මකා දමා දේශපාලන අරුතකින් වෙනත් පාපැදි සවාරියක් පැවත්වීමට දක්වන උනන්දුව පැහැදිළි කිරීමකි.
මොරිස් කුමාරවේල්,ඇන්තනී සීමන්ස්,බොනිපස් පෙරේරා,ඒ එමු සුමනවීර වැනි පාපැදි ශ්‍රේෂ්ඨයන්ගේ ජයග්‍රහණවලින් ඉතිහාසය ලියැ වී ඇති ලංකා සවාරිය ලේක් හවුස් සමඟ ඇති කිරිම වෙනුවට Lanka Ride 2025 කරළියට ගෙන එන්නට දරණ උත්සාහය කාට කවුරු වසාගෙන තම නමට පරිච්ඡේදයක් ලියා ගැනීමේ උවමනාවද පැහැදිළි නැත.
එහෙත් කුමන තත්ත්වයක් යටතේ හෝ පාපැදි ක්‍රීඩාවේ අභිවෘද්ධියට හේතු වන,ජාතික පාපැදි සූරතා හිදී ඇති මොහොතක Lanka Ride 2025 සංවිධානය වීම ඉතා ඉහළින් අගය කරන්නේය.එහි විවාදයක් නැත.එහෙත් මෙවැනි දේ කරද්දී එහි තොරතුරු දෙස තමන්ගේ අවධානය යොමු කරවමින් ඇඟිල්ල දිගු කරන අයගේ දිගු කර පෙන්වන දිශාවට වඩා වැඩි යමක් අනිත් ඇඟිළි හතර යොමු වී ඇති දිශාවල තිබිය හැකි බව තේරුම් ගැනීම වැදගත්ය.එම දිශාවන් ද වඩාත් සුපරික්ෂාකාරිව විමසා බලා ඇත්ත තේරුම් ගැනීමද වැදගත්ය.
මේ සමඟ ඇත්තේ Lanka Ride 2025 දැනුවත් කිරීමේ අවස්ථාවට අදාළ ඡායාරූපය.
