සුරාබදු ආඥා පනතේ 25 වන වගන්තිය සමග කියවිය යුතු 32වන වගන්තිය යටතේ සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් පවනා ඇති රීති සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට පසුගිය 17 වනදා ඉදිරිපත් වුණු යෝජනාවට එම කාරක සභාවේ අනුමැතිය හිමිවී නොමැත.
එම කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා එහිදී පෙන්වා දී ඇත්තේ මේ පිළිබඳ සුදුසු විශ්ලේෂණයක් කාරක සභාවට ලබාදෙන ලෙසත් ඉන් අනතුරුව ඉදිරියේදී මෙය සලකා බලීම සිදු කළ හැකි බවත් ය.
එක් එක් මත්පැන් නිෂ්පාදන සමාගමකින් එක් වරක් පමණක් අය කෙරෙන රුපියල් මිලියන 120ක පමණ අතිවිශාල බලපත්‍ර ගාස්තුවක් ලබාගැනීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබී ඇති බව සඳහන්.
මත්පැන් නිෂ්පාදන සමාගමක් මත්පැන් නිස්සාරණය, බෝතල් කිරීම, බෙදාහැරීම යනාදී එහි එක් එක් අදියර සඳහා වෙන වෙනම බලපත්‍ර 12ක් පමණ ලබාගත යුතුව ඇත. ඒ බලපත්‍ර වෙනුවෙන් මෙසේ අතිවිශාල වටිනාකමකින් යුත් මුදලක් එම සමාගම් වෙතින් සුරාබදු දෙපාර්තමේන්තුවට ලබාගතහොත් කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසී ගොස් මහා පරිමාණ මත්පැන් නිෂ්පාදකයින් කිහිපදෙනෙකුගේ ඒකාධිකාරියක් බිහිවනු ඇති බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පෙන්වා දී තිබිණි.
සබැඳි පුවත් –
