නිකුත් කිරීම නතර කර තිබූ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW :

දිගු කාලයක සිට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම නතර කර තිබුණේ, ඒවා මුද්‍රණය කරන කාඩ් නොමැති වීම හේතුවෙන් ය. නමුත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ, නිකුත් කිරීමට පවතින සියලු රියැදුරු බලපත්‍ර, ලබන පෙබරවාරී මාසය වන විට මුද්‍රණය කර අවසන් කරන බවයි.

ඉන් පසු, සාමාන්‍ය පරිදි දෛනිකව රියදුරු බලපත්‍ර නිකුත් කරන බව, එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සදහන් කළේය. දිගු කලක සිට රියදුරු බලපත්‍ර වෙනුවට තාවකාලික රියැදුරු බලපත්‍රයක් නිකුත් කෙරුණ අතර මුද්‍රණය කිරීමට පවතින රියදුරු බලපත්‍ර සංඛ්‍යාව, තුන්ලක්ෂ පනස් දහසකට ආසන්නයි.

ඒ අනුව, ස්ථාන තුනකදී රියදුරු බලපත්‍ර මුද්‍රණය සිදු කරන බව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළ අතර, වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මධ්‍යස්ථානය, හම්බන්තොට සහ අනුරාධපුර පිහිටි අතිරේක මධස්ථාන වලදී එලෙස නිකුත් කෙරෙනු ඇත.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වියට්නාමයට බලපෑ ගංවතුර හේතුවෙන් 90 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වියට්නාමයට දින...

‘මර්දනය ඇති’: Kais Saied ට එරෙහිව ටියුනීසියානුවන් දහස් ගණනක් විරෝධතා දක්වයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපතිවරයාගේ විසම්මුතියට එරෙහි...

රැල්ල හැරිලා ඉවරයි

විපක්ෂයේ පළමු විරෝධයම අති සාර්ථකයි. මම වුණත් මුලින් හිතුවේ...

ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් 24 දෙනෙකු ඝාතනය වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා විසින්...