තේරීම් කමිටුව ගැන තීරණය ගන්නෙ ඇමතිතුමා – තේරීම් කමිටු සභාපති උපුල් තරංග

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW:

සිය තේරිම් කමිටුවේ ධූර කාලය දෙසැම්බර් 11 වන දිනට හමාර වන බවත්,ඉදරි තේරීම් කමිටුව ගැන තීරණය ගත යුත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා බවත් වත්මන් තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා.


පකිස්තානයේ සංචාරය කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා සෑහීමකට පත් විය නොහැකි මට්ටමක පවතින බවට ගොඩ නැඟී තිබෙන සමාජ මතය මෙන්ම එහිදි විවිධ පුද්ගලයන්ට එම තත්ත්වය සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම ගැන ද සළකා අන්තර්ජාලය හරහා කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරිය සහ තේරිම් කමිටු සභාපති උපුල් තරංග සමඟ සූදානම් කළ මාධ්‍ය සාතච්ඡාවේදී උපුල් තරංග ඉහත ප්‍රකාශය සිඳු කරනු ලැබුවා.


උපුල් තරංග එහිදි තේරීම් කමිටුව සඳහා ක්‍රීඩා සමාජ හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් නාම යෝජනා කැඳවා ඇති බවට මාධ්‍යවේදීන් පළ කළ අදහස අනුමත කරමින් උපුල් තරංග පැවසුවේ, එ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරිපත් කරන නම් සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම අමාත්‍යවරයාට පැවරෙන බවයි.


මෙහිදී නායක චරිත් අසලංක ලෝක කුසලානය පෙණෙන මානයේ නායකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ද අදහස් දැක් වූ උපුල් තරංග ඔහු තවමත් තේරීම් කමිටුව දීර්ඝ කාලීන අදහසක් සමඟ පත් කළ නායකයාම බව කී උපුල් තරංග,දසුන් ශානකට නායකත්වය හිමි වීම චරිත්ගේ අසනීප තත්ත්වය නිසා උද්ගත වූවක් බව ද ප්‍රකාශ කළා.
පවතින තත්ත්වය පිළිබඳව සමාජයේ පවතින කථිකාව උපුල් සහ සනත් වෙත ප්‍රශ්නාකාරයෙන් යොමු කළ ද,ඔවුන් ඔවුන්ට හැඟෙන පරිදි ගත්තීරණ සාධාරණ බව කියන්නට කරුණු ඉදිරිපත් කළා.එහෙත් අවසාන ප්‍රතිපලය එහි සත්‍ය අසත්‍යතාවය වෙනුවට පලදෘයිතාවය පැහැදිළි කරන අතර මෑතකාලීනව දකින්නට ඇත්තේ වැඩි පුර පරාජයේ නීරස බැවින්,නිවැරදි කණ්ඩායම තෝරා ඇද්ද යන්නත්,තෝරා දෙන සංයුතියෙන් නිවැරදිම 11 දෙනා ක්‍රීඩා කරන කණ්ඩායමට ඇතුළත් වෙනවාද යන්නත් පිළිබඳ ප්‍රශ්නය මේ සාකච්ඡාවේදී ද නිවැරදිව වටහාගත තිබේදැයි යන්න ගැන සැක මතු වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...