මියන්මාරයෙන් හදිසි සහනාධාර ඇ. ඩො. 100,000ක් හා භූතාන‍යෙන් ඇ.ඩො. 200,000ක පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW :

අද (08) දින මියන්මාර ජනරජයෙන් හදිසි සහනාධාර වශයෙන් අමෙරිකානු ඩොලර් 100,000ක පරිත්‍යාගයක් මියන්මාර තානාපති Marlar Than Htaik විසින් ශ්‍රී ලංකා රජය වෙත  භාර දී තිබුණි.

තවද, ඊයේ (07) දිනයේ දී ද මියන්මාරය විසින් මානුෂීය ආධාර තොගයක් ලබා දුන් අතර ලබා දෙන සහයෝගයේ කොටසක් ලෙස ලබා දීමට නියමිත සහල් මෙට්‍රික් ටොන් 500ක් පිළිබඳව ද ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කෘතවේදය පළ කරන බව විදෙස් කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

තවද, භූතාන රාජකීය රජයෙන් අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදාවෙන් නැවත යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන් සඳහා සහායවීම පිණිස අමෙරිකානු ඩොලර් 200,000ක පරිත්‍යාගයක් ලබා දී තිබේ.

ඩකා හි නේවාසිකව සිටින ශ්‍රී ලංකාවේ භූතාන රාජධානියේ තානාපති Karma Hamu Dorjee විසින් අද මෙම පරිත්‍යාග නිල වශයෙන් ලබා දීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාව සමඟ භූතානය පවත්වන සහයෝගීතාවය සහ සමීප හා මිත්‍රශීලී සබඳතා වෙනුවෙන් භූතාන ජනතාවට ද අමාත්‍ය විජිත හේරත් මහතා කෘතවේදය පළ කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

පොලිස් භාරයේ සිටි තරුණයකු මියයාමේ සිද්ධියට අදාළව වැඩතහනමකට ලක්කර...

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...