මෛත්‍රීගේ පුද්ගලික ප්‍රශ්න අපට අදාළ නෑ. ශ්‍රීලනිප 9ක් රනිල්ට ඡන්දෙ දෙනවා – චාමර

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දක්වන බව ප්‍රකාශ කර තිබුණ ද එහි මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් 9 දෙනෙකුම රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට සූදානමින් සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

“ඒගොල්ලො දැන් දවසින් දවසට කතාව වෙනස් කරනවානෙ. අපි එහෙම කතාව වෙනස් කරන මිනිස්සු නෙවෙයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරෙයි. ඔය ඉන්න නායකයොන්ට වැඩිය අපි ශ්‍රීලනිප එක්ක ඉඳපු අය. ඔය නායකයො සමහරු එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු 14ක් ඉඳලා අපේ පක්ෂයට ආපු අයත් ඉන්නවා. අපි එහෙම නෑ. දැන් මගේ ප්‍රකාශයෙන් පස්සෙ තමයි ඡන්ද කතාව කියන්නෙ. ඩලස් අලහප්පෙරුම මැතිතුමාට දෙනවා නම් ඒක හොඳයි. හැබැයි අපි තීරණයක් අරන් තියෙනවා. ඔය කියන නායකයින්ට පුළුවන් නම් ශ්‍රීලනිප ඡන්ද 14න් 5ක් දාන්න කියන්නකො පුළුවන් නම් … 5ක් වත් බෑ. ඉතුරු අපට ඉන්නවා ඡන්ද 9ක් විතර රනිල් වික්‍රමසිංහට ඡන්දය දෙන්න මේ වෙලාවේ. නම් වශයෙන් මම ප්‍රකාශ කරන්නෙ නෑ, ඒ අය ඒගොල්ලො දන්නවා මේ වෙලාවෙ. මේක මේ රනිල් වික්‍රමසිංහගෙයි මෛත්‍රීපාලගෙයි පෞද්ගලික ප්‍රශ්නයක්, ඒක අපට අදාළ නෑ. අපි රට ගැන හිතලා ඡන්දෙ දෙන්නෙ”

චාමර සම්පත් දසනායක මහතා මේ බව පැවසුවේ ගුවන්විදුලි නාලිකාවක් සමග අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...