අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW :

ඉකුත් දා සිදු වූ දිට්වා සුළි කුණා­ටුව හේතු­වෙන් හානි සිදු වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු මේ වන විට ආරම්භ කර ඇතැයි මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ නව අධ්‍යක්‍ෂ ජන­රාල් විමල් කණ්ඩම්බි මහතා පවසයි.

විමල් කණ්ඩම්බි මහතා පවසන්නේ, වැඩිම හානි­යක් සිදු වූ මධ්‍යම පළාතේ සියලු මාර්ග මේ වන විට විවෘත කර තිබෙ­න බවත්, ඇතැම් මාර්ග තාව­කා­ලි­කව සංව­ර්ධ­නය කර තිබෙනවා බවත් එම මාර්ග සම්පූ­ර්ණ­යෙන්ම සංව­ර්ධ­නය කිරී­මට රුපි­යල් බිලි­යන 69ක් වැය වෙන බවයි.

මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ නව අධ්‍යක්‍ෂ ජන­රාල් විමල් කණ්ඩම්බි මහතා මේ පිළිබදව දැක්වූයේ මෙවන් අදහසක්,

“මේ ව්‍යස­නය හේතු­වෙන් පාලම් 40ක් විනාශ වුණා. එයින් 36ක් ගම­නා­ග­මන කට­යුතු සඳහා විවෘත කර තිබෙ­නවා. එම පාලම් සම්පූ­ර්ණ­යෙන්ම අලු­ත්වැ­ඩියා කළ යුතුයි.

කඳු නාය ගිය ස්ථාන නැවත සංර­ක්ෂ­ණය කිරී­ම­ටත් පිය­වර ගන්නවා. ඒ සඳහා රුපි­යල් බිලි­යන 100කට වඩා වැය වෙනවා. ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ ආය­ත­නය සමඟ ඒකා­බ­ද්ධව මේ කට­යුතු සිදු කර­නවා.

නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ හදිසි අලු­ත්වැ­ඩියා සඳහා රුපි­යල් මිලි­යන 100ක් පම­ණත්, බේලි පාල­මක් සඳහා රුපි­යල් මිලි­යන 120ක් සහ දරුණු ලෙස හානි වූ මාර්ග, බෝක්කු සහ පැති බැමි අලු­ත්වැ­ඩි­යා­වට රුපි­යල් බිලි­යන 14ක් පමණ අවශ්‍ය බවට මේ වන විට ගණන් බලා තිබෙ­නවා. මේ කට­යුතු කඩි­න­මින් සිදු කිරී­මට පිය­වර ගන්නවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන බදු වංචාවකට වරද පිළිගත්තේ නෑ – ජොනීගෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (28) දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී...

කොබෙයිගනේ පොලීසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුත් මරුට !

සොරකමකට පැමිණි බවට සැකපිට ගම්වාසීන් පිරිසක් විසින් අල්ලාගෙන කොබෙයිගනේ...

හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

පොලිස් භාරයේ සිටි තරුණයකු මියයාමේ සිද්ධියට අදාළව වැඩතහනමකට ලක්කර...

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...