යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW :

මහා කුණාටුවෙන් පසු නොසිතූ විරූ ලෙස ව්පතට පත් ජනතාව සොයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භටයන් විසින් මෙරට තුළ ක්‍රියාත්මක කළ ගලවා ගැනීම් සහ සෝදිසි කිරීමේ මෙහෙයුම් නිමාවට පත් කරමින් , එම භටයන්ගෙන් කොටසක් , ඒ සඳහා යොදා ගත් වාහන සහ උපකරණ කිහිපයක් ඊයේ (14) දින පස්වරුවේ එරට ගුවන් හමුදාවට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අබුඩාබි නුවර වෙත ආපසු රැගෙන ගොස් තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව සතු සී.- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවත්, එම ගුවන් යානයට විශාල ට්‍රක් රථ 04 ක් , විදුලි ජනක යන්ත්‍ර සහ තවත් උපකරණ මෙන්ම , මෙම මෙහෙයුම් සඳහා දායක වූ , ඒවායේ ක්‍රියාකරුවන් 16 දෙනෙකු ද එක්වී සිටි බවත් වාර්තා වේ.

ඊයේ (14) දින පස්වරු 03.45 ට පමණ, මේවා රැගත් එම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළෙන් අබුඩාබි නුවර බලා පිටත්ව ගිය බව වැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...