දින 18කට පසු නාවලපිටිය මහනුවර මාර්ගය විවෘත වේ!

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:නාය යාම හේතුවෙන් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිටි මහනුවර නාවලපිටිය මාර්ගය යළි විවෘත කිරීම අද (15) උදෑසන සිදුවිය.

එම මාර්ගයේ උලපනේ ගඩෝල් බෝක්කුව අසල කොටස සම්පූර්ණයෙන් නාය යාමට ලක්වූ අතර මේ හේතුවෙන් දින 18ක කාලයක් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් අඩාල විය.

මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රි ලංකා යුද හමුදාව එක්ව මාර්ගය ප්‍රතිසංස්කරණය කළ අතර එය යළි වාහන ගමනාගමනය වෙනුවෙන් විවෘත කිරීම මහා සංඝරත්නයේ ආශිර්වාද මැද සිදුවිය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරී ජයසිංහ, නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර, ගඟඉහළ කෝරළය ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික උපුල් ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුලු මහජන නියෝජිතයන්, නිලධාරීන්, ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...