පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීමයි මගේ අරමුණ – නාමල්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW :

ගංවතුරින් සහ නායයාමෙන් විපතට පත්වු පවුල් වල දරු දැරියන්ට පොත් පත් සහ පාසල් උපකරණ සැපයීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් අරඹන ලද “ආදරය” වැඩසටහන යටතේ දිවයිනේ දකුණ, වයඹ, මධ්‍යම,ඌව,උතුර සහ නැගෙනහිර, බස්නාහිර සහ සබරගමුව පළාත් වල විපතට පත් පවුල්වල දරු දැරියන් 50000 කට අවශ්‍ය කරන පාසල් උපකරණ සහ පොත්පත් පෑන් පැන්සල් ආදිය සැපයීම දැන් ආරම්භ කර තිබේ.

ඒ අනුව හම්බන්තොට,ගම්පහ, කෑගල්ල .නුවරඑළිය කුරුණෑගල,අම්පාර, මහනුවර ආදී දිස්ත්‍රික්ක ගණනාවක දරු දැරියන්ට මේවන විටත් අදාල අධ්‍යාපන උපකරණ කට්ටල සපයා ඇති බව මන්ත්‍රීී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය .

තමන් සංකේතාත්මකව ආරම්භක උත්සවයේදිි දරු දැරියන් කිහිප දෙනෙකුට අවශ්‍ය උපකරණ කට්ටල භාරදීමෙන් පසු ඉදිරියට වැඩසටහන් පවත්වාගෙන යාම සිය පක්‍ෂ යාන්ත්‍රණය මගින් සිදු කරන බව සඳහන් කළ මන්ත්‍රීවරයා එහිදී කිසිදු පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීම තමන්ගේ අරමුණ බව පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...