තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ථ ලංකා කාරක සභාව කැඳවීම පක්ෂයේ ව්‍යවස්ථාව යළිත් උල්ලංඝනය කිරීමක් බව පාක්ෂිකයින්ගේ දැනුවත්වීම වෙනුවෙන් පාර්ලිමේන්තු නීතිඥ දයාසිරි ජයසේකර මහතා ලිපියක් යොමුකරමින් පවසයි.

අදාළ සභා කැඳවීම පසුගිය 14 වැනිදා මරදාන ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේදී සිදුවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය ආරම්භ වන්නේ 2022 මැයි මාසයේදී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වීමට මධ්‍යම කාරක සභාව ඒකමතිකව ගත් තීන්දුවට එරෙහිව යමින් එවකට ආණ්ඩුවේ සිටි ශ්‍රීලනිප මන්ත්‍රීවරු 14 දෙනාගෙන 09 දෙනෙකු සිය බඩගෝස්තරවාදය වෙනුවෙන් ඇමතිකම් ගැනීමත් සමඟ බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අනතුරුව ඔවුන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ තීරණය අනුව කටයුතු කළද අවසානයේ ඔවුන්ගේ කේලම් අසා තමන්ව පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් ඉවත් කළ බවද එම ලිපියෙන් දයාසිරි ජයසේකර මහතා සිහිපත් කර ඇත.

කෙසේවෙතත් අධිකරණ කටයුතු නිමා වීමට පෙර මධ්‍යම කාරක සභාව, සමස්ථ ලංකා කාරක සභාව හදිසියේ කැඳවා තනතුරු ප්‍රධානය කළද එය වලංගු නොමැති බව ජයසේකර මහතා දක්වයි.

අධිකරණයේ තීන්දුව අනුව ලබන 18 වැනිදා තමන්ව යළි මහ ලේකවරයා ලෙස පත්කරනු ලැබුවහොත් නිමල් සිරිපල ද සිල්වා මහතාගේ පක්ෂ සභාපති ධූරය අහෝසි වන බවයි ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ.

නඩු කටයුතු අවසන් වන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූලභාවය මැතිවරණ කොමිසම විසින් පිළිනොගන්නා අතර නව තනතරු ලබා දුන්නද ඒවායේ වලංගුභාවයක් නොමැති බව දයාසිරි ජයසේකර මහතා කියා සිටියි.

එහෙයින් තවදුරටත් පාක්ෂිකයින් නොමඟ නොයවන ලෙස ඔහු සිය ලිපියෙන් අවධාරණය කරයි.

දයාසිරි ජයසේකර මහතා එම ලිපිය නිකුත් කර ඇත්තේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකවරයා ලෙසය.

කෙසේවෙතත් ඔහු මේ වන විට සමඟි ජන සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...