වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW :

ඉකුත් දා සීප්පුකුලම ප්‍රදේශයේ දී වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන්ව මේ මස 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරපුර මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදුන් වනඅලියා ගින්නෙන් පුලුස්සා හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී සැකකරුවන් තිදෙනෙකු මිහින්තලය පොලීසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

හිංසාවට ලක්වූ වනඅලියා සීප්පුකුලම ප්‍රදේශයේ දී මියගොස් සිටි අතර, අලියා මියයෑම සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වකුගඩු හා අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වය හා පිලිස්සීමෙන් භීතියට පත්වීම යන කරුණු මරණයට පත්ව ඇති බවට නියගමනය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42, 48 සහ 50 යන වයස්වල එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...