ප්‍රවීන රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වෙයි !

Date:

ප්‍රවීන රංගන ශිල්පියෙකු මෙන්ම අධ්‍යක්ෂවරයකු ද වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙසේ මියගොස් ඇත.

මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවිය.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා දශක පහක් තිස්සේ චිත්‍රපට, ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායකත්වය සපයා ඇති අතර අවස්ථා කිහිපයකදීම සම්මානයට ද පාත්‍ර වූ අයෙකි.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ප්‍රවීන ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : චෝදනා කරන වෛද්‍ය චමල් සහ චූදිත බෙනරගම හමුවුණු මොහොතක් ?

රජයේ රෝහල්වලට ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයීම සම්බන්ධයෙන් මේ දිනවල...

දිට්වා බිමහෙළු නිවාස වෙනුවෙන් තට්ටු නිවාස ව්‍යාපෘතියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස...

බැඩිමින්ටන් දක්ෂයන්ට වැඩි වෙහෙසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: මේ දිනවල ගල්කිස්ස ශාන්ත...

බාල ඖෂධවල වගකීමෙන් සෞඛ්‍ය ඇමතිට විනිර්මුක්ත වෙන්න බෑ – වෛද්‍ය චමල් ලේඛන සහිතවම පෙන්වයි

සටහන - රුවන් නෙළුගොල්ල බාල ඖෂධ සිද්ධියකදී දේශපාලනඥයින්ට එහි වගකීමක්...