ළමයින්ව පාසල් ගේන්න ඕනේ නම් අපිට ඩීසල් දෙන්න! (VIDEO)

Date:

හෙට දින සිට යළි පාසල් විවෘත කිරීම සිදු වන නමුත් දරුවන් සහ දෙමව්පියන් ඇතුළු පිරිස් ප්‍රවාහනය කිරීම සාමාන්‍ය පරිදි සිදුකිරීමට තරම් ප්‍රමාණවත් ඩීසල් තොග නොලැබීම නිසා යම් යම් දුෂ්කරතා මතු විය හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

අද දිනය වන විටත් දිවයින පුරා පෞද්ගලික බස් ධාවනය වන්නේ 1000කටත් අඩුවෙන් වන බවත් හෙට දින එය 2000 – 3000 අතර ප්‍රමාණයකට ධාවනය වැඩි කිරීමට උත්සහ කරන බවත් ප්‍රියන්ජිත් මහතා කියා සිටියේය.

තවමත් ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සඳහා ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබෙන හෙයින් මෙම පොදු ප්‍රවාහන කටයුතු අඩාල වී තිබෙන බව ඔහු සඳහන් කරන ලදී.

රජය පාසල් පැවැත්වීම දින 3ක් සිදුකිරීමට බලාපොරොත්තු වුවද බස් රථ ධාවනය කිරීමට ඩීසල් ඇත්තේ දින දෙකකට බවද ඔහු කියාසිටියේය.

එම නිසා පාසල් ළමුන් ප්‍රවාහන සඳහා අවශ්‍ය තරම් ඩීසල් ලබාදෙන ලෙසයි ප්‍රියන්ජිත් මහතා රජයෙන් ඉල්ලා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...

ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයන් ඇගයේ!

උතුරු පළාතේ 2023 අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා...