ආපදාවට පත් දරුවන්ට පාසල් උපකරණ වෙනුවෙන් දෙන දීමනාව ජනවාරි 05ට පෙර!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල් දරුවන්ට අවශ්‍ය පොත්පත් සහ නල ඇඳුම් සපයා ගැනීම වෙනුවෙන් රජය විසින් ලබා දීමට නියමිත රු.15,000ක දීමනාව එළඹෙන ජනවාරි 05 වැනිදා නව පාසල් වාරය ආරම්භ වීමට පෙර ලබා දීම ගැන සාකච්ජා කළ බව අග්‍රාමත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (30) කොළඹ දිස්ත්‍රික් අපදා කළමනාකරණ කමිටුව රැස් වීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමිනි.

දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ආපදා තත්ත්වයන් ගැන සාකච්ජා කර තිබෙන අතර ආපදා අවම කරගැනීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමර්ග කෙරෙහි අවධානය යොමුකර තිබේ.

එමෙන්ම දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ආපදා වන්දි ගෙවීමේ ප්‍රගතිය පිළිබඳවද එහිදී අවධානය යොමුකළ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කළාය.

පූර්ණ නිවාස හානි සහ අර්ධ නිවාස හානි සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙල අනුව ඊට මැදිහත්වීම පිළිබඳවද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුවේදී සාකච්ජා කර තිබේ.

නිවාස පිරිසිදු කරගැනීම වෙනුවෙන් ලබා දෙන රු. 25,000 දීමනාව 95%කට ලබා දී අවසන් අතර අතර ගැටළු සහගත සහ ප්‍රතික්ෂේප වූ අයදුම්පත්‍ර තිබී ඇති බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

රු.50,000 දීමනාව ලබා ගැනීම වෙනුවෙන් අයදුම්පත්‍ර 7535ක් ඉදිරිපත්ව ඇති අතර ඉන් 3049ක් ගෙවා අවසන් බවයි ඇය දැනුම් දුන්නේ. ඉතිරි ගෙවීම් ඉදිරි දින දෙක තුන තුළ ගෙවීමට බලාපොරොත්තු වන බවයි අගමැතිවරිය සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තලංගම, අකුරේගොඩ වෙඩි තැබීම පිළිබඳ විමර්ශනයට විමර්ශන කණ්ඩායම් 10ක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ වෙඩි...

‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: ‘ඒ ගොල්ලො අපිට දෙනනෙ...

ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට දින..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මේ වනවිට...

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව