පුස්සැල්ලාව රයිලන් තේ කර්මාන්ත ශාලාව ගිනි ගෙන සම්පුර්ණයෙන් විනාශයට පත්වෙයි

Date:

පුස්සැල්ලාව පොලිස් වසමට අයත් රයිලන් පුද්ගලික තේ කර්මාන්ත ශාලාව (26) දින රාත්‍රීයේ ගිනි ගැනීමටකට ලක්ව සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි පුස්සැල්ලාව පොලීසිය පවසයි.

ගිනි ගැනීමෙන් කර්මාන්ත ශාලාව, එහි උපකරණ හා සැකසීමට රැගෙනවිත් තිබු තේ දලු ඇතුළු භාණ්ඩ රැසක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ගොස් තිබිණි.

ගිනි නිවන රථ තේ කර්මාන්ත ශාලාවට විශාල දුරකින් පිහිටි මහනුවර නගරයේ පැවැතීම හේතුවෙන් කර්මාන්තශාලාවේ හටගත් ගින්න නිවා දැමීමට නොහැකි වු බව වතු කම්කරුවෝ පවසති.

මෙම ගිනි ගැනීමෙන් කර්මාන්ත ශාලාවට සිදුව ඇති හානිය මෙතෙක් ගණන් බලා නොමැත.

ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මේ පිළිබඳව පුළුල් විමර්ශණයක් සිදු කිරීමට පුස්සැල්ලාව පොලීසිය පියවර ගෙන තිබේ.

ක්‍රිෂාන්තන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...

ලක්ෂ්මන් යාපාගේ අල්ලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...