පොළේ ගෙහුං

වෙනදා පුරුද්දට විලාකටුපොත පොළට යන්න හිතාගෙන නිමලෙගෙ ගෙදෙට්ට ගෑටුවා.නිමලෙ මිදුලෙ හක්මං කොරනවා.වගේ වගක් නෑ.මූණ දිහෑ බලන්නෑ.
“මොකද නගේ වෙලා තියෙන්නෙ?”
“අනේ මන්දන්නෑ අයියෙ.පොළට යන්ඩ කිව්වම වෙව්ලනවා.අවතාරයක් දැක්කා වගේ.තනියම පුටුපුටු ගානවා.”
“කවද ඉඳලද ඔය සන්නිය හැදුණෙ?”
“අද උදේ රූපවාහිනියෙ ප්‍රවුත්ති බල බලා හිටියා.පොළේ කතාවක ඇහිලා නැගිට්ටා.මට නං අද පොළේ යන්ඩ බෑ කීවා.එච්චරයි”
“කාරණේ පැහැදිලියි. ගියත් කට පරිස්සං කොරගන්ඩ දැනගන්ඩ එපායැ.කඩේ ගිහින් කට පරිස්සං කොරගෙන ඉඳලා පුරුදු වෙච්ච හාදයා පොළට ගෙහුං කට අරින්නෙ අහවල් කෙංගෙඩියට ද?”
“අනේ ද කියන්නෙ අයියෙ.මේ මිනිහගෙත් කට හොඳ නෑනෙ.පොළට ගෙහුං නරක දෙයක් කියවෙයි කියලා බයේ වෙන්ටැති.”
“මිනිහා මොකට ද කට අරින්න බය වෙන්නෙ?පාර්ලිමේන්තුවෙ ප්‍රාදේසීය සබාවකත් ඉන්නවයැ.”
“මගෙ හැටිත් දන්නවනෙ.ගෙදරින් එලවයි කියලා බය ඇති.”
“අනේ කාලේ වනේ වාසේ කීවලු”
“අයියවත් කතා කොරල බලන්නකො එහෙනං'”
කතා කොරන්නැති උන්දලා කතා කොරවන සිංදු තෙල් ඩිංගක් ගන්ඩ හිතාගෙන නිමලෙ එක්කගෙන ගියා අබිලිංගෙ කඩේ පටුපස්සෙ කූරටියා ගාලට.එතන නිකං පළාස්සබාව රැස්වුණා වගේ.බරසාර වාද විවාද.පාර්ලිමේන්තුවට හපං.එකෙක් කියනවා මාළුවා නහින්නෙ කට හින්දලු.ඒකෙත් ඇත්තක් තියනවා බලං ගියාම.
“මොන මාළුවා ගැනද බණ්ඩයියෙ ඔය කියන්නෙ.?”
“මටත් පැහැදිලි නෑ.”
“පොළේ ගිය මාළුව ද,ගුටි කන බයට ගෙට ම වෙලා ඉන්න මාළුවො ද,මෝරු ද තල්මස්සුද දෙයියො තමා දන්නෙ.”
“ඒක නෙමෙයි නිමලෙ”
“හෙනං මොකද්ද?”
“පොළට නොගියෙ කාට බයේ ද?”
“මායියට බයේ”
“අහවල් එකට ද?”
“මායියට තරහ ගියාම අනික් උන්දලාට තරහා ගියාට හපං.ගෙදරිං එලෝලා විතරක් ඉන්න එකක් නෑ.”
“දැං ඉතිං මොකද කරන්ඩ ඉන්නෙ.?”
“පොළේ ගිහිං බඩු ගණං ඇහුවම උඩ ගෙහුං වැටෙනවා.නිකං ඇවිදලා එක එකාට බැනලා ආපහු වන වනා එන්ඩ වෙනවා.”
“ඉතිං?”
“ගෙදර එන්ඩ කලිං පොලිස්සියෙං අල්ලලා කූඩු කොරනවා.”
“අර මක්කට ද?”
“අපහාස කෙරුවා.ආණ්ඩුව අපහසුතාවට පත් කොළා කියලා”
“ඊට මීට වඩා හොඳයි.බඩගින්නට දත්මිටි කාලා කට වහගෙන ඉන්නේක,”
නිමලෙ ජරාස් ගාලා දත්මිටි කෑවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...