අද (07) දිනයේ ද විටින් විට දිවයින පුරා විවිධ ප්රදේශවල විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඊයේ රාත්රියේ කැළණිතිස්ස විදුලි බලාගාරයේ ජනන යන්ත්රයක බිඳවැටීමක් සිදුවූ අතර අද දිනයේත් එය යථා තත්වයට පත්කරගත නොහැකි වුවහොත් මෙසේ විදුලි ඉල්ලුම ඉහළ යෑමට සාපේක්ෂව බිඳවැටීම් සිදුවිය හැකි බවයි එම මණ්ඩලය ප්රකාශ කරන්නේ.
RN