විදේශ තානාපතිවරු අභිනව විදේශ කටයුතු ඇමති හමුවට

Date:

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති යූරි මැටේරි මැතිතුමා 2022 ජූලි 28 වැනි බ්‍රහස්පතින්දා දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී, අභිනව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා හමුවිය. සබ්‍රි මැතිතුමාගේ නව පත්වීම පිළිබඳව සුබපැතුම්  පළ කළ තානාපති මැටේරි මැතිතුමා, රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සෙර්ගේ ලැව්රොෆ් මැතිතුමා අභිනව විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත නිකුත් කරන ලද සුබපැතුම් පණිවිඩයක් භාර දුන්නේ ය.

සිය අදහස් පළ කළ රුසියානු තානාපතිවරයා, ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සම්ප්‍රදායික වශයෙන් පවත්නා ශක්තිමත් හවුල්කාරිත්වය හා සබැඳි වැදගත් කරුණු පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා දැනුම්වත් කළේ ය. ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සංසදවලදී රුසියාව ශ්‍රී ලංකාව වෙත දක්වන සහයෝගය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා සිය ගැඹුරු කෘතඥතාව පළ කළේ ය. ව්‍යාපාරික සබඳතා, සංචාරක ව්‍යාපාරය සහ සම්බන්ධතාව වැඩි දියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන අතරතුර, සහයෝගීතාව තවදුරටත් තහවුරු කරගැනීම කෙරෙහි පවත්නා විශ්වාසය ද එතුමා මෙහිදී පළ කළේ ය.

කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ  දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානියා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම හමුවට සහභාගී වූහ.

මේ අතර,

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජනරාල් (විශ්‍රාමික) උමර් ෆරූක් බුර්කි මැතිතුමා 2022 ජූලි 29 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා හමුවිය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර වර්ධනය වෙමින් පවතින ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා කළ විදේශ කටයුතු අමාත්‍යවරයා, බහුවිධ ක්ෂේත්‍ර අරභයා මේ වන විට දෙරට අතර පවතින සහයෝගීතාව සම්බන්ධයෙන් සිය තෘප්තිය පළ කළේ ය. දෙරටේ ද්විමාර්ගික  සබඳතා ශක්තිමත් කිරීමේ ක්‍රමවේදයක් ලෙස පුද්ගලාන්තර සබඳතා ශක්තිමත් කළ යුතු බව ඔවුහු මෙහිදී අවධාරණය කළහ.

තවද, බොහෝ කලාපීය සහ ජාත්‍යන්තර වේදිකාවල පවත්නා අසීරුතා මධ්‍යයේ පාකිස්තාන රජය විසින් පිරිනමන ලද  විශ්වාසවන්ත සහ ස්ථාවර සහයෝගය අමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...