විදේශ තානාපතිවරු අභිනව විදේශ කටයුතු ඇමති හමුවට

Date:

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති යූරි මැටේරි මැතිතුමා 2022 ජූලි 28 වැනි බ්‍රහස්පතින්දා දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී, අභිනව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා හමුවිය. සබ්‍රි මැතිතුමාගේ නව පත්වීම පිළිබඳව සුබපැතුම්  පළ කළ තානාපති මැටේරි මැතිතුමා, රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සෙර්ගේ ලැව්රොෆ් මැතිතුමා අභිනව විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත නිකුත් කරන ලද සුබපැතුම් පණිවිඩයක් භාර දුන්නේ ය.

සිය අදහස් පළ කළ රුසියානු තානාපතිවරයා, ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සම්ප්‍රදායික වශයෙන් පවත්නා ශක්තිමත් හවුල්කාරිත්වය හා සබැඳි වැදගත් කරුණු පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා දැනුම්වත් කළේ ය. ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සංසදවලදී රුසියාව ශ්‍රී ලංකාව වෙත දක්වන සහයෝගය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා සිය ගැඹුරු කෘතඥතාව පළ කළේ ය. ව්‍යාපාරික සබඳතා, සංචාරක ව්‍යාපාරය සහ සම්බන්ධතාව වැඩි දියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන අතරතුර, සහයෝගීතාව තවදුරටත් තහවුරු කරගැනීම කෙරෙහි පවත්නා විශ්වාසය ද එතුමා මෙහිදී පළ කළේ ය.

කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ  දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානියා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම හමුවට සහභාගී වූහ.

මේ අතර,

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජනරාල් (විශ්‍රාමික) උමර් ෆරූක් බුර්කි මැතිතුමා 2022 ජූලි 29 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා හමුවිය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර වර්ධනය වෙමින් පවතින ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා කළ විදේශ කටයුතු අමාත්‍යවරයා, බහුවිධ ක්ෂේත්‍ර අරභයා මේ වන විට දෙරට අතර පවතින සහයෝගීතාව සම්බන්ධයෙන් සිය තෘප්තිය පළ කළේ ය. දෙරටේ ද්විමාර්ගික  සබඳතා ශක්තිමත් කිරීමේ ක්‍රමවේදයක් ලෙස පුද්ගලාන්තර සබඳතා ශක්තිමත් කළ යුතු බව ඔවුහු මෙහිදී අවධාරණය කළහ.

තවද, බොහෝ කලාපීය සහ ජාත්‍යන්තර වේදිකාවල පවත්නා අසීරුතා මධ්‍යයේ පාකිස්තාන රජය විසින් පිරිනමන ලද  විශ්වාසවන්ත සහ ස්ථාවර සහයෝගය අමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...