කොවිඩ් අවදානම ඉහළට, කඩිනමින් එන්නත්කරණයට යොමුවන්න!: ජනපති

Date:

කොවිඩ් අවධානම යළි ඉහළට. කඩිනමින් එන්නත්කරණයට යොමු වන්න. ජනපති ජනතාවගෙන් ඉල්ලයි.

කොවිඩ් අවධානම යළි ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මහතා අද (02) විශේෂ ප්‍රකාශයක් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවත් එම උපදෙස් නියමාකාරයෙන් පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් රට තුළ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියට ඉඩ නොතැබිය යුතු බවත් අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොවිඩ් සහ මන්කි ෆොක්ස් වසංගත තත්ත්වය සම්බන්ධව සිදු කළ විශේෂ ප්‍රකාශය පහත දැක්වේ.

“කොවිඩ් -19 රෝගීන් හා මරණ සංඛ්‍යාව යළිත් වැඩි වෙනවා. අප්‍රේල් මාසයේ කොවිඩ් රෝගීන් 1731ක් වාර්තා වුණා. කොවිඩ් මරණ 26ක් සිදු වුණා. එම තත්ත්වය මැයි මාසයේ දී රෝගීන් 472කට අඩු වුණා. මරණ වාර්තා වුණේ 13යි. ජුනි මාසයේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 283යි. මරණ 3යි. නමුත් ජූලි මාසයේ කොවිඩ් රෝගීන් 1616ක් දක්වා වැඩි වී තිබෙනවා. මරණ සංඛ්‍යාව 35ක්. මේ මරණ 35න් 28 ක් සිදු වුණේ ජූලි 18 වෙනිදායින් පසුවයි. මේ දෙස බැලූ විට තවත් එක කරුණක් පෙනෙනවා. ඒ කොවිඩ් එන්නත කඩිනමින් ලබා දීම කළ යුතු බවයි.

පළමු වටයේ දී මිලියන 17ක් එන්නත ලබාගත්තා. දෙවන වටයේ දී එය මිලියන 14කට අඩු වුණා. තුන්වෙනි වටයේ දී කොවිඩ් එන්නත ලබාගෙන තිබෙන්නේ මිලියන 8යි. 4වන වටයේ දී එන්නත ලබාගෙන තිබෙන්නේ පුද්ගලයන් 22,623 දෙනෙක් පමණයි. තුන්වෙනි වතාවෙත්, 4වන වතාවෙත් එන්නත ගත් ප්‍රමාණය විශේෂයෙන්ම බස්නාහිර පළාතේ අඩුවෙලා තිබෙනවා. ඒ නිසා එන්නත්කරණය සඳහා ජනතාව නැවත යොමු කළ යුතුයි.
ලංකාවේ දැනට එන්නත් මිලියන 8ක් තිබෙනවා. එය ඔක්තෝම්බර් මාසය වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ එන්නත් මිලියන 8 ඔක්තෝබර් මාසයේ දී අවසන් කරන්න බැරි වෙනවා. ඒ නිසා කොටසක් වෙන රටකට දෙන්න සිදුවෙනවා. එන්නත ගෙනාවේ ඔබ වෙනුවෙන්. ඒ නිසා එන්නත ලබානොගත් සියලු දෙනාගෙන් මම ඉල්ලීමක් කරනවා, ඉක්මණින් එන්නත ලබාගන්න කියලා.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳ උපදෙස් දෙනවා. ඒ උපදෙස් අනුව සියලු දෙනාම කටයුතු කළ යුතුයි. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය “මන්කි ෆොක්ස්” වසංගතය පිළිබඳවත් අවධානය යොමු කරලා තිබෙනවා. දැනට එය ලංකාවට පැමිණිලා නැහැ. ලංකාවට එම රෝගය පැමිණීම වැළැක්වීමට පළමුවන පියවර ගෙන තිබෙනවා. අවශ්‍ය වුණොත් ප්‍රතිකාර ලබාදෙන්න සැලසුම් සකස් කරගෙන යනවා. මේ අවස්ථාවේ දී සෞඛ්‍ය ගැන හිතලා ක්‍රියා කරන්න. මේ රට තුළ යළිත් කොවිඩ් වසංගතයට අවස්ථාවක් දෙන්න එපා කියා සියලු පාර්ශ්වයන්ගෙන් මම ඉල්ලා සිටිනවා”.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-02

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...