ප්‍රධාන වර්ධනයන් පිළිබඳව කොළඹ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක්!

Date:

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා 2022 අගෝස්තු 1 වැනි සඳුදා දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සමඟ පැවැත්වූ සිය පළමු සාකච්ඡාව අතරතුර, මෙරට නව ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමෙන් අනතුරුව සහ නව රජය පිහිටුවීමෙන් පසුව ලද ප්‍රධාන වර්ධනයන් පිළිබඳව කොළඹ සිටින තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු දැනුම්වත් කළේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා තෝරා පත් කරගැනීම මෙන්ම අන්තර්වාර රජය පිහිටුවීම සඳහා ඉවහල් වූ ශ්‍රී ලංකාවේ මෑතකාලීන දේශපාලන වර්ධනයන් පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී කරුණු දැක්වී ය. ඊට අදාළ ක්‍රියාදාමයන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාමය රාමුවක් තුළ සිදු කෙරිණි. තවද, ජාත්‍යන්තර ප්‍රජාවට අයත් සියලුම හවුල්කරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීම ප්‍රමුඛ කර්තව්‍යක් ලෙස සලකමින්, මෙරට මුහුණ දෙන ආර්ථික අභියෝග කඩිනමින් විසඳීම සඳහා ජනාධිපතිවරයා සතු කැපවීම විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් යළිදු අවධාරණය කරන ලදී. වත්මන් සමාජ-ආර්ථික සන්දර්භය තුළ මතුව ඇති ගැටළු විසඳීම සඳහා ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා ජාත්‍යන්තර ප්‍රජාව වෙත සිය ගැඹුරු කෘතඥතාව පළ කළේ ය.

වත්මන් අභියෝගවලට මුහුණ දීම සඳහා  ජනාධිපතිවරයා විසින් අනුගමනය කරන ලද පුළුල්, උපදේශනාත්මක ප්‍රවේශය පිළිබඳව විස්තර කළ විදේශ කටයුතු අමාත්‍යවරයා, සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳව මේ වන විට ක්‍රියාත්මක වන සාකච්ඡා පිළිබඳව සඳහන් කළේ ය. තවද, ජනතා අභිලාෂයන්ට අනුකූලව නුදුරු කාලයේ දී විමසුමට බඳුන් කිරීමට නියමිත ප්‍රගතිශීලී ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ පිළිබඳව ද සඳහන් කළේ ය.

2022 අගෝස්තු 3 වැනි බදාදා දින පැවැත්වීමට නියමිත මිළඟ පාර්ලිමේන්තු සැසිවාරයේ දී ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නව රජයේ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවලට අනුව, සැමට මිත්‍රත්වය දැක්වීම නමැති මූලධර්මය මත පදනම් වූ ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ සහ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය අමාත්‍ය සබ්‍රි මැතිතුමා විසින් මෙහිදී අවධාරණය කරන ලදී.

සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය, රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළුව ශ්‍රී ලංකාව සතු දීර්ඝකාලීන, ප්‍රජාතාන්ත්‍රික   විශ්වසනීයත්වය විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී. මෙම අයිතිවාසිකම් රජය විසින් ව්‍යවස්ථානුකූලව සහතික කොට තහවුරු කොට ඇත. රජයේ ඵලදායී ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා නීතියේ රාමුවට යටත්ව රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද එතුමා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කළේ ය. 2022 ජූලි මස පනවන ලද හදිසි නීති රෙගුලාසි නිතිපතා සහ කාලානුරූපී අයුරින් සමාලෝචනයට ලක් වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයයෝ අභිනව විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත සුබපැතුම් පළ කළ අතර,  මෙම සාකච්ඡාව මගින් ලබා දුන් ඵලදායී යාවත්කාලීන කිරීම වෙනුවෙන් ඔවුහු සිය ස්තුතිය පළ කළහ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 අගෝස්තු 02 වැනි දින 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...